ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දු - ලංකා සහයෝගීතාවක්.

Tuesday, 03 December 2013 - 7:42

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් සහ මුහුදු කොල්ලකරුවන් ඉලක්ක කරගෙන නාවික සහයෝගීතාවක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව හින්දු පුවත්පත වාර්තා කළා. මේ පිළිබද අදහස් හුවමාරු කරගෙන ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් අතර නවදිල්ලියේ පසුගිය බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවේදියි. මෙම හමුව මෙන්ම ඉන්දු - ලංකා නාවික හමුදාපතිවරුන්ගේ හමුවේදී ද මේ පිළිබද අදහස් හුවමාරු වී ඇති බවයි හින්දු පුවත්පත සදහන් කළේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඉන්දීය චාරිකාවේදී එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ද මුණ ගැසුණා. ආරක්ෂක ලේකම්වරයා ඉන්දීය නාවික හමුදා ප්‍රධානීන් ද හමුවූ බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.


වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More