අසාද්ට එරෙහිව නවිපිල්ලේ වැඩ පටන් ගනී.

Tuesday, 03 December 2013 - 8:25

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
ආණ්ඩු විරෝධී කැරැල්ලකට මුහුණ දී සිටින සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් යුධ අපරාධ සිදුකළ බවට ඉහළ මට්ටමේ සාක්ෂි පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසනවා. මෙම අපරාධ ජනාධිපති අසාද්ගේ අනුමැතියෙන් සිදුවූ බව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි ඇය කියා සිටියේ. එම පරීක්ෂණයෙන් සොයා ගැනුණු අනෙකුත් කරුණු ද සිය කාර්යාලය විසින් ගොනු කර ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියා සිටියා. සිරියානු සිවිල් යුද්ධයෙන් පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජගත් සංවිධානය අනුමාන කරනවා. ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව පවතින සාක්ෂිවලට අනුව ඔහු පිළිබදව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත යුතු බවට ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක  මණ්ඩලයට යෝජනා කළා.