එජාපය ටී.එන්.ඒ. වලිගයේ එල්ලිලා. - ආණ්ඩුව.

Tuesday, 03 December 2013 - 13:05

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80.
රේගු අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය කන්ටේනරය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා පාකිස්තාන දේශසීමාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බවට දැන ගන්නට ඇතැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (02) ස්ථාවර නියෝග යටතේ අසනු ලැබූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා පාකිස්තාන නිලධාරීන් දෙදෙනෙකු ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. බුද්ධ ශාසන අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු රේගුවට යොමු කර ඇති ලිපිය පිළිබද තමා නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පොලීසිය සිදුකරන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර, අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. අද (03) දිනයේ දී නීතිය හා සාමය, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධනය යන අමාත්‍යාංශයවල වැය ශීර්ෂයන් විවාදයට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ දෙමළ සන්ධානයට කිසිඳු ස්ථාවරයක් නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂය දෙමළ සන්ධානයේ වලිගයේ එල්ලී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.