යුද්ධයේ ජීවිත හා දේපළ හානි ගැන සංගණනයට කමලේෂ් ශර්මාගෙන් පැසසුම්.

Tuesday, 03 December 2013 - 13:07

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.
මෙරට පැවැති සිවිල් යුද්ධයේ දී සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබදව සංගණනයක් පැවැත්වීමට ලක් රජය ගෙන ඇති පියවර පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මාගේ ප්‍රශංසාවට ලක්වී තිබෙනවා. මෙමගින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මගින් අපේක්ෂා කරන පශ්චාත් යුධ සංහිඳියා ක්‍රියා මාර්ග ප්‍රගතියක් ලබනු ඇති බවයි මහලේකම්වරයා සඳහන් කළේ. මෙම සංගණනය මගින් මෙරට යුද්ධයේ දී මිය ගිය, අතුරුදන් වූ, තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් මෙන්ම 1982 සිට ගැටුම්වලින් සිදුවූ දේපළ හානි පිළිබදව ද සොයා බැලෙනවා. එම ක්‍රියාදාමය පීඩාවන්ට ලක්වූ පුද්ගලයන්ගේ පවුල්වල සහ සාක්ෂිකරුවන්ගේ තොරතුරු අනුව වඩාත් නිවැරදිව සකස් කරනු ඇති බව පොදුරාජ්‍ය මණ්ඩලයේ අපේක්ෂාවයි.

එමෙන්ම මෙම සංගණයේ තොරතුරු එය නිමවූ විට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා විශ්වාසය පළ කළා. එමගින් අතීතයේ සිදුවූ දෑ පිළිබදව සත්‍යය දැන ගැනීමට හැකි වන අතර, විපතට පත්වූවන් සංහිඳියා ක්‍රියාමාර්ගයට එක් කර ගැනීමට එය ඉවහල් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, අභ්‍යන්තර අවතැන්වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත චලෝකා බෙයානි ඊයේ සිය පස්දින ශ්‍රී ලංකා චාරිකාව ආරම්භ කළා. මෙරට අවතැන්වූවන් සහ පීඩාවට ලක්වූ ජන ප්‍රජාවන් ඇතුළු සියලූ පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගැනීම සිය සංචාරයේ අරමුණ බවයි ඔහු සදහන් කර ඇත්තේ. අභ්‍යන්තර අවතැන්වූවන් සඳහා තිරසාර විසඳුම් ලබාදීමේ අවස්ථා සහ අභියෝග පිළිබදව ජගත් සංවිධානය සැලකිල්ල යොමු කරන බව විශේෂ නියෝජිත චලෝකා බෙයානි ප්‍රකාශ කළා. එහිදී ලක් රජය ලබා ඇති ප්‍රගතිය මෙන්ම අවතැන්වූවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට ලබාදිය හැකි සහය පිළිබද සොයා බලන බව ද ඔහු කියා සිටියා.

අභ්‍යන්තර අවතැන්වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත චලෝකා බෙයානි ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු නියෝජිත පිරිසක් හමුවුණා. එහිදී අවතැන්වූවන් සම්බන්ධයෙන් ලක් රජය ගෙන ඇති පියවර පිළිබද රජයේ නියෝජිතයන් පැහැදිලි කළ අතර ඒ පිළිබද ජගත් සංවිධානයේ ස්ථාවරය ද විශේෂ නියෝජිතයා ඉදිරිපත් කළ බවයි නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස ප්‍රකාශ කළේ.                                 

ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා උතුරේ සහ මුලතිව් ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර, එහිදී සුබසාධන කඳවුරු නිරීක්ෂණය කිරීමට නියමිතයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More