Update : රටේ භූමිය බෙදිය නොහැකියි. - රජය.

Tuesday, 03 December 2013 - 18:40

Update+%3A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.
නීතිය හා සාමය, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධනය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (03) වැඩි ඡන්ද 117  කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 126 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 9 ක්. නීතිය හා සාමය, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධනය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ වෙනුවෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයායී. ඒ අනුව අමාත්‍යාංශය දෙකේ වැය ශීර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද විමසීමක් සිදුකෙරුණා.

 
ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ රැදී සිටියේ නැහැ. ස්වාධීනව කටයුතු කරන අජිත් කුමාර මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විපක්ෂව ඡන්දය භාවිත කළා. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ රටේ භූමිය බෙදීමට කිසිවෙකුටත් ඉඩ ලබාදිය නොහැකි බවයි.

Update : Wednesday, 04 December 2013 - 7:52 AM
------------------------------------------------
ආරක්ෂක, නීතිය හා සාමය වැය ශීර්ෂ වැඩි ඡන්ද 117 කින් සම්මතයි.

නීතිය හා සාමය, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධනය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 117  කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡුන්ද 126 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 9 ක්. නීතිය හා සාමය, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධනය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ වෙනුවෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයායී. ඒ අනුව අමාත්‍යාංශය දෙකේ වැය ශීර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද විමසීමක් සිදුකෙරුණා.

ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ. ස්වාධීනව කටයුතු කරන අජිත් කුමාර මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විපක්ෂව ඡන්දය භාවිත කළා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More