වීඩීයෝ : විග්නේෂ්වරන්ගෙන් වාර්තාවක්.

Tuesday, 03 December 2013 - 19:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
යුද්ධයෙන් පසු රජය විසින් උතුර පලාතේ සිදුකරන නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන් තමා අධ්‍යයනයක නිරතවන බව අභ්‍යන්තර අවතැන්වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත චලෝකා බෙයානි පවසනවා. ඔහු එම අදහස් පළ කළේ උතුරු ප්‍රදේශයේ අද සිදුකළ සංචාරයක් අතරතුරයි. ඊයේ දිවයිනට පැමිණි ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා අද ප්‍රථමයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පැමිණියා. එහිදී ඔහු ආණ්ඩුකාර, මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සමග සාකච්ඡා කළ අතර අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමිනායගම් හමුවුණා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත චලෝකා බෙයානි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මුණ ගැසුණේ ඉන් අනතුරුවයි. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ උතුරේ තත්ත්වය පිළිබඳව ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා වෙත වාර්තාවක් ලබාදීමට තමන් සූදානම් බවයි. පවතින ඉඩම් ගැටළු සහ තවත් අඩුපාඩු කිහිපයක් එමඟින් පෙන්වා දෙන බව ඔහු ප්‍රකාශකළා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා යාපනය - මාල්ලාගම් හි පිහිටි සුබසාධන කඳවුරක්ද නිරීක්ෂණය කළා.

මේ අතර ශ්‍රී ලංකාව එළඹෙන මාර්තුවලට පෙර මානව හිමිකම් සම්බන්ධයෙන් වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව කැනඩාවේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. එරට දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ගැටළුවලට රජය විසින් පිළිතුරු ලබාදිය යුතු බවයි. ජාත්‍යන්තරය ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
 
මේ අතර, මෙරට පැවැති සිවිල් යුද්ධයේ දී සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබදව සංගණනයක් පැවැත්වීමට ලක් රජය ගෙන ඇති පියවර පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මාගේ ප්‍රශංසාවට ලක්වුණා. මෙමගින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මගින් අපේක්ෂා කරන පශ්චාත් යුධ සංහිඳියා ක්‍රියා මාර්ග ප්‍රගතියක් ලබනු ඇති බවයි මහලේකම්වරයා සඳහන් කළේ. මෙම සංගණනය මගින් මෙරට යුද්ධයේ දී මිය ගිය, අතුරුදන් වූ, තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් මෙන්ම 1982 සිට ගැටුම්වලින් සිදුවූ දේපළ හානි පිළිබදව ද සොයා බැලෙනවා.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More