කැස්බෑව නගර සභාවේ අයවැයත් පරාදයි.

Wednesday, 04 December 2013 - 7:50

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
කැස්බෑව නගර සභාවේ 2014 අයවැය ඊයේ (03) පරාජයට පත්වුණා. සන්ධානයේ බලය ඇති එම නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්ද 06 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 07 ක් ලැබී තිබෙනවා. එම නගර සභාවේ සභිකයින් 17 දෙනෙකු සිටින අතර ඉන් දසදෙනෙකු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අයයි. ඊයේ පැවති අයවැය ඡන්දය විමසන අවස්ථාවේ එම නගර සභාවේ උප සභාපතිවරයා ඇතුලූ සන්ධාන මන්ත්‍රීවරු 4 දෙනෙකු ඡන්දය භාවිත කිරිමෙන් වැළකී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා කියා සිටියේ ඉදිරියේදී යළි අයවැය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

අයවැය ඡන්දය විමසන අවස්ථාවේ ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි කැස්බෑව නගර සභාවේ උප සභාපති හේමාල් ධර්මප්‍රිය සඳහන් කළේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු නිහඬව සිටීමට තීරණය කළ බවයි.

පළාත් පාලන ආයතනවල අයවැය දිනවීම සඳහා සිය ඡන්දය භාවිතා කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලිඛිතව සිය නියෝජිතයන්ට පසුගියදා දැනුම් දුන්නා. එමෙන්ම, අවස්ථා දෙකකදී අයවැය පරාජයට පත්වූ පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කරන්නේ ද යන්න පිළිබඳව ඉදිරි සතියේදී තීරණයකට එළඹෙනු ඇති බව ද සන්ධානය සඳහන් කළා. ඊට අමතරව, එම පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට සහය ලබාදුන් සන්ධාන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය කියා සිටියේ.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ පළාත් පාලන ආයතන කිහිපයක අයවැය පරාජයට පත්වීමේ සිද්ධීන් කිහිපයක් වාර්තාවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලන බලය හොබවන මීරිගම ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය දෙවන වරටත් වැඩි ඡන්ද 21 කින් පරාජයට පත්වුණා. පෑලියගොඩ නගර සභාවේද ඇතිවුණේ මෙවැනිම තත්ත්වයක්.


ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More

ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 6:49

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර... Read More

දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More