වීඩීයෝ : Update : ඩෙල්ෆ් ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට.

Wednesday, 04 December 2013 - 7:56

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.
ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔවුන් අද කයිට්ස් මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කේ. කමලේන්ද්‍රන් අත්අඩංගුවට ගත්තා. එමෙන්ම ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිසට අයත්.

ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය සහ යතුරු පැදිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති අතර මියගිය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ බිරිඳ සමග ප්‍රධාන සැකකරු වන උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා පවත්වාගෙන ගිය අනියම් සබඳතාවයක් මෙම ඝාතනයට හේතු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මියගිය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්ස්සීසන්ගේ සිරුර පොලිසිය ඔහුගේ නිවසේ තිබී සොයා ගත්තේ පසුගිය 26 වැනිදායි. ඝාතනය කළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙන්ම අද අත්අඩංගුවට පත්වූ උතුරු පළාත් විපක්ෂ නායකවරයාද අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නායකත්වය දරන ඊ.පී.ඞී.පී. සංවිධානයේ සාමාජිකයින් වනවා.



Update : Wednesday, 04 December 2013 - 07:13 PM
---------------------------------------------------------------------------
ඩෙල්ෆ් සභාපතිගේ ඝාතනයට උතුරේ විපක්ෂ නායක අත්අඩංගුවට.


ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු වන උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කේ.කමලේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගත්තා. මීට අමතරව, ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. අත්අඩංගුවට ගත් උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකයා ද යාපනය දිස්ත්‍රික් ඊ.පී.ඞී.පී සංවිධායකවරයා ලෙසයි කටයුතු කරන්නේ. ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය, උණ්ඩ 11 ක් සහ යතුරු පැදිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. මියගිය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ බිරිඳ සමඟ ප්‍රධාන සැකකරු වන උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා අතර පැවති අනියම් සබඳතාවයක් මෙම ඝාතනයට හේතු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

Wednesday, 04 December 2013 - 12:39 PM
--------------------------------------------
ඩෙල්ෆ් සභාපති ඝාතනයේ තොරතුරු රැසක් එළියට.

ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පවසනවා. ඒ අනුව මෙම ඝාතනයට වගකිවයුත්තන් නුදුරේදීම අනාවරණය කිරීමට හැකිවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මියගිය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්ස්සීසන්ගේ සිරුර පොලිසිය ඔහුගේ නිවසේ තිබී සොයා ගත්තේ පසුගිය 26 වැනිදායි. පසුව එය හිසට වෙඩි වැදීමෙන් සිදුවූ මරණයක් බව අනාවරණ වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා.


සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More