වීඩීයෝ : මි. 82 ක් වටිනා එතනෝල් රේගු අත්අඩංගුවේ.

Wednesday, 04 December 2013 - 12:35

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B7%92.+82+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%AD%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
පසුගිය සිකුරාදා රේගුව අත්අඩංගුවට ගත් බහාලූම් 7 ක තිබී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ එතනෝල් ලීටර් 74,480 ක් සොයා ගෙන තිබෙනවා. අදාළ බහාලූම් අද (04) විවෘත කර පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම එතනෝල් තොගය හමුවූ බවයි රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී කියා සිටියේ. තාර ගෙන්වන මුවාවෙන් මෙම එතනෝල් තොගය මලයාසියාවේ සිට මෙරටට ගෙන්වා ඇති අතර, සොයාගත් එතනෝල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 82 ක් බව ද ඔහු ප්‍රකාශ කළා. බහාලූම් අද විවෘත කරන අවස්ථාවේදී එහි එතනෝල් බැරල් 392 ක් පැවති අතර මේ නිසා රජයට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 112 ක්. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කම්හලකට මෙම එතනෝල් රැගෙනවිත් ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය මාර්තු 14 වැනිදා තොටලඟ - ඉඟුරුකඬේ මංසන්ධියේදී ස්ප්‍රීතු බවට සැක කළ කන්ටේනර් දෙකක් අඩංගුවට ගත් අතර එහි තිබී එතනෝල් ලීටර් 62000 ක් සුරාබදු නිලධාරින් විසින් සොයා ගනු ලැබුවා.



පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොවිඩ් ආසාදිතයෙක්
Thursday, 04 June 2020 - 11:12

පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ... Read More

කිසිදු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:01

ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු... Read More

සුවය ලැබූ නාවික සාමාජිකයින් ගණන 426 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 10:40

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින්... Read More