වීඩීයෝ :Update : 2011 කොරියානු විභාගය සමතුන්ට සහනයක්.

Wednesday, 04 December 2013 - 21:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3AUpdate+%3A+2011+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
2011 වසරේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් සමත්වූවන්ට කොරියානු රැකියාවක් සඳහා කැඳවීම් ලැබීමට සුදුසුකම් ඇති කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම වසරේ විභාගය සමත්වූවන් බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලැබී නොමැති බවට ඉදිරිපත්ව තිබෙන ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

2011 වසරේ කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයට පෙනී සිට 11 000 ක පමණ පිරිසක් ඉන් සමත්වී තිබුණා. මෙම පිරිස අතුරින් 3 000 ක් තවදුරටත් රැකියා අවස්ථා නොලැබීම හේතුවෙන් රැකියා පොරොත්තු ලේඛණයේ රැඳී සිටින බවයි වාර්තා වුණේ. සාමාන්‍යයෙන් කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සමත්වූවන් රැකියාවක් සඳහා කැඳවීමක් ලැබෙන තුරු වසර දෙකක පමණ කාලසීමාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ රැඳී සිටීමට සිදුවනවා. ඒ අනුව 2011 වසරේ විභාගය සමත්ව රැකියා නොලැබුණු පිරිස් ස්වයංක්‍රීයවම මේ වසර අවසන්වීමත් සමග වෙබ් අඩවියෙන් ඉවත්වීමට නියමිතයි.

Update : Thursday, 05 December 2013 - 13:10
-----------------------------------

කොරියානු විභාගය සමතුන් රැකියා ඉල්ලා උද්ඝෝෂණයක...

Wednesday, 04 December 2013 - 21:13

කොරියානු භාෂා විභාගයට මුහුණ දී වසර දෙකක් ගත වී ඇතත්, තමන්ට මෙතෙක් විදෙස් ගතවීමට අවස්ථාව නොලැබුණු බවට චෝදනා කරමින් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදියි. මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, 2011 වසරේ දී කොරියානු භාෂා විභාගය සමතුන්ගේ එකමුතුව විසින්.

විරෝධතාවයේ නිරත පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළට යාමට උත්සාහ කළා. පසුව, පොලීසිය විසින් ඇතුළුවීමට උත්සාහ කළ පිරිස පාලනය කළ අතර, කිහිපදෙනෙකුට පමණක් කාර්යාලය තුළට යාමට අවසර ලබා දුන්නා.අනතුරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර පැවැති සාකච්ඡාව මාධ්‍යයට ද අනාවරණ වුණා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More