ළමයින් සම්බන්ධයෙනුත් නව නීති.

Thursday, 05 December 2013 - 7:32

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92.
ළමයින් සම්බන්ධයෙන් දැනට පවතින ඇතැම් නීති වෙනස් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා දැනටමත් අධිකරණ අමාත්‍යාංශය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඌනා මැක්ලේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. විශේෂයෙන් ළමයින් සහ යෞවන වයසේ පසුවන්නන් පිළිබඳ ආඥා පනත් ද එළඹෙන වසර මුලදී වෙනස් කිරීමට කටයුතු කරන බවයි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පෙන්වා දෙන්නේ. කුඩා ළමයින් විසින් වැරදි සිදුකරන අවස්ථාවලදී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් යම් මානසික පීඩා තත්ත්වයන්ටද මුහුණ පා තිබෙනවා. එබැවින් විශේෂයෙන්ම ළමයින් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව ක්‍රියාත්මක කරන නව නීති මාලාවක්ද සකස් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 
මීට අමතරව ළමයින් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක් ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි අධිකරණ කටයුතු අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කළේ.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More