කිරිපිටි හිඟයට ඞී සී ඞී පරීක්ෂණ හේතුවක් නොවෙයි.

Thursday, 05 December 2013 - 7:38

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9E%E0%B7%93+%E0%B7%83%E0%B7%93+%E0%B6%9E%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
මෙරටට ගෙන්වන කිරිපිටිවල ඞී.සී.ඞී. පරීක්ෂණ ප්‍රමාදවීම නිසා රට තුළ කිරිපිටි හිඟයක් මතුවනු ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කාර්මික තාක්ෂණ ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ මෙරටට ගෙන්වන කිරිපිටිවල ඞීසීඞී පරීක්ෂණ කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකරන බවයි.

මෙරටට ගෙන්වන සියලූම කිරිපිටි ඞී.සී.ඞී. පරීක්ෂාවට ලක් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය ජූලි මාසයේදී කාර්මික තාක්ෂණ ආයතනය වෙත දැනුම්දුන්නා. ඒ අනුව මෙරටට ගෙන්වන සෑම කිරිපිටි බහලූමකම නියැදි වරාය රේගුවේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ලබාගන්නා අතර ඒවා කාර්මික තාක්ෂණ ආයතනය විසින් පරීක්ෂාවට ලක් කරනවා.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණේ ඞී.සී.ඞී. පරීක්ෂාව ප්‍රමාදවීම හේතුවෙන් කිරිපිටි තොග රේගුවෙන් නිදහස් කරගැනීමට නොහැකිවීම තුළින් රට තුළ කිරිපිටි හිඟයක් ඇතිවිය හැකි බවයි. කිරිපිටි සාම්පල අඛණ්ඩව පරීක්ෂා කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති අතර එය පැය 24 පුරා ක්‍රියාත්මක බවද කාර්මික තාක්ෂණ ආයතනය සඳහන් කළා. එබැවින් පරීක්ෂණ කටයුතුවල ප්‍රමාදයක් පදනම් කරගනිමින් කිරිපිටි හිඟයක් ඇති නොවන බව කාර්මික තාක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද පන්නිල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ අතර වැලිසර ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ කිරිපිටි කිලෝ ග්‍රෑම් 12 500 ක ප්‍රමාණයක් සොයාගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය ඊයේ සමත්වුණා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රධාන පෙලේ කිරිපිටි සමාගමකට අයත් ගබඩාවක් තුළ තිබී මෙම කිරිපිටි තොගය සොයා ගත් බවයි. කිරිපිටි සමාගම් 5 ක් මේ වනවිට මිල ඉහළ දමන්නැයි පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ හේතුවෙන්  වෙළඳපොළේ කිරිපිටිවල හිඟයක්ද මේ දිනවල පවතින අතර පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කිරිපිටි සඟවා තබන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බවයි.


නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින්... Read More

ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම්
Wednesday, 27 May 2020 - 11:58

ඊයේ රාත්‍රියේ කලවාන, වැද්දාග, ප්‍රදේශවලට ඇඳ හැලූණු වර්ෂාව... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More