Update :වීඩියෝ: අපේ වරදක් නෑ - ෂන්ටින් රියදුරන් කියයි.

Thursday, 05 December 2013 - 8:56

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B7%82%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය කිරීම නිසා එහි රියදුරාගේ සහ සහයකයාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේ ෂන්ටින් එන්ජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. දුම්රිය ෂන්ටින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඒ. ප්‍රේමකුමාර කියා සිටියේ අද (05) පස්වරුවේ දුම්රිය පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මාලිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය හැසිරීමට යොදා ගන්නා වසර 50 ක් පමණ පැරණි දුම්රිය එන්ජිමක් රියදුරෙකු නොමැතිව ධාවනය වී තිබුණේ අද අළුයම් කාලයේදීයි. පනගන්වා තිබූ මෙම දුම්රිය එන්ජිම කොළඹ - කොටුව දුම්රියපොල පසුකරමින් වෙරළබඩ දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ අතර, ගල්කිස්ස සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර පිහිටි ප්‍රදේශයකදී එය නවතා ගැනීමට දුම්රිය සේවකයින්ට හැකිවුණා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර, දුම්රිය එන්ජිම භාරව සිටි එහි රියදුරාගේ සහ සහයකයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න ප්‍රකාශ කළේ.

එහෙත් ෂන්ටින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඒ. ප්‍රේමකුමාර පවසන්නේ මෙය දුම්රිය රියදුරාගේ වරදක් නොවන බවයි.



Update : Thursday, 05 December 2013 - 06.56 PM
--------------------------------------
දුම්රිය ෂන්ටින් රියදුරන් පිරිසක් වර්ජනයක.

රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය කිරීම නිසා එහි රියදුරාගේ සහ සහයකයාගේ තාවකාලිකව වැඩ තහනම් කිරීමට එරෙහිව දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේ ෂන්ටින් එන්ජින් රියදුරන් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු සම්පත් රාජිත කියා සිටියේ අද (05) පස්වරුව වනවිට මීට විසඳුමක් නොලැබුණහොත් අනෙකුත් ෂන්ටින් රියදුරන්ද වර්ජනයට එක්වීමට තීරණය කර ඇති බවයි. මේ නිසා දුම්රිය ප්‍රමාදයක්ද සිදුවිය හැකි බව ඔහු සඳහන් කළා.

Update : Thursday, 05 December 2013 - 03.01 PM
--------------------------------------
රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් කිලෝමීටර 15 ක් ධාවනයේ.

මෑත ඉතිහාසයේ රියදුරෙකු නොමැතිව වැඩිම දුරක් දුම්රිය එන්ජිමක් ධාවනය වීමේ අහඹු සිදුවීමක් අද අලූයම වාර්තාවුණා. මෙලෙස ධාවනය වී ඇත්තේ මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය හැසිරවීමට යොදාගන්නා වසර 50 ක් පමණ පැරණි වයික්ලාස් වර්ගයේ දුම්රිය එන්ජිමක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න ප්‍රකාශ කළේ. පණගන්වා තිබූ මෙම දුම්රිය එන්ජිම අද අලූයම 1.45 ට පමණ කොටුව දුම්රිය ස්ථානය පසු කරමින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වී තිබෙනවා. රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර පිහිටි ප්‍රදේශයකදී මෙම දුම්රිය නවතා ගැනීමට දුම්රිය සේවකයින්ට හැකිවුණා.

කිලෝමීටර් 15 ක් පමණ මෙම දුම්රිය එන්ජිම රියදුරෙකු නොමැතිව ධාවනය වී ඇති අතර එලෙස දුම්රිය එන්ජිම ධාවනය වූයේ කෙසේද යන්න පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ. එමෙන්ම මෙම දුම්රිය එන්ජිම භාරව සිටි රියදුරාගේ සහ එහි සහයකයාගේ සේවය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් රියදුරෙකු නොමැතිව මෙම දුම්රිය එන්ජිම ධාවනය වන අවස්ථාවේදී මුහුදුබඩ මාර්ගයේ කිසිදු දුම්රියක් ධාවනය වී නැහැ. එලෙස දුම්රියක් ධාවනය වූයේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙනවා. එමෙන්ම රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය වන බවට දුම්රිය පාලක මැදිරියද දැනසිට තිබෙනවා.

රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය වන අවස්ථාවක දුම්රිය හරස් මාර්ගවලදී අනතුරකදී අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව ද හිරු ප්‍රවෘත්ති අංශය දුම්රිය පාලක මැදිරියෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම දුම්රිය එන්ජිම ධාවනය වූ සීමාව තුළ දුම්රිය හරස් මාර්ගයන්හි ස්වයංක්‍රීය සංඥා පද්ධතියක් ක්‍රියාත්මක වන බවයි. එබැවින් දුම්රිය එන්ජිම ධාවනය වූ අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයන්හි අදාළ අනතුරු ඇගවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.

Update : Thursday, 05 December 2013 - 13:13 PM
--------------------------------------
ඉබේ දුම්රිය ගියාට රියදුරු සහ සහයකගේ වැඩ තහනම්.

මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දක්වා අද අලූයම රියදුරු නොමැතිව දුම්රිය ඇන්ජිමක් ධාවනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරු සහ රිය සහයකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඊට අමතරව මේ පිළිබඳ සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්ද පත්කර ඇති බව සඳහන්. 

Update : Thursday, 05 December 2013 - 13:03 PM
------------------------------
රියදුරෙකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජිමක් නවතා ගනී.

රියදුරෙකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජිමක් නවතාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසකට අද අලූයම සිදුවුණා. රියදුරෙකු නොමැතිව මෙලෙස මෙම දුම්රිය එන්ජිම ධාවනය වී ඇත්තේ මාළිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දෙසටයි. පසුව රත්මලාන දුම්රිය ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දුම්රිය එන්ජිම ගල්කිස්ස සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදි  නතර කිරීමට කටයුතු කර තිබෙනවා.


මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 18:53

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු... Read More

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළට අයදුම්පත් භාරගැනීම ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කෙරේ
Tuesday, 07 July 2020 - 18:48

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය... Read More

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 07 July 2020 - 18:30

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More