Update : ඇඹිලිපිටිය අයවැය දෙවන වරටත් පරදී. ඉඹුල්පේත් සන්ධානය පරාදයි.

Thursday, 05 December 2013 - 13:01

Update+%3A+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.++%E0%B6%89%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද දෙවන වරටත් පරාජයට පත්වුණා. ඒ, එක් ඡුන්දයකින්. අයවැයට පක්ෂව ඡන්ද 6 ක් සහ විපක්ෂව ඡන්ද 7 ක් ලැබී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගෙන් සැදුම් ලබනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා අතරට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙකු ඇතුලත්. අද දිනයේදි අයවැය ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදි ආණ්ඩු  පක්ෂ මන්ත්‍රීවරයෙකු සභාවට පැමිණ නොසිටි අතර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අද සභාවට පැමිණ සිටියේ නැහැ. අද දිනයේ සභා වාරය අතරතුර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා චෝදනා කළේ පැරණි මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක දයානන්ද වීරසිංහ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයානන්ද වීරසිංහ මීට පෙර අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඔහු අද දිනයේ සභාවට නොපැමිණීම පිළිබඳව කරුණු විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ අතර ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා අයවැය වැඩි ඡුන්ද 4 කින් පරාජයට පත්ව තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 4 ක් සහ විපක්ෂව ඡන්ද 8 ක් ලැබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංයුතිය 13 ක්. එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකුගෙන් සැදුම් ලබනවා. අයවැයට පක්ෂව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු සහ විපක්ෂ නායක ලසන්ත කුරේ ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විපක්ෂව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. විපක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකු අද සභාවට පැමිණ සිටියේ නැහැ.

අද පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ එහි ඇති අඩුපාඩු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් බවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීලාල් සෙනරත් සඳහන් කළේ.

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අයවැය පසුගිය 28 වැනිදා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අයවැයට විරුද්ධව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අදහස් දැක්වූවා. සභාපතිවරයා සමග  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් අයවැයට පක්ෂව අදහස් දක්වා තිබෙනවා. එදින ඡන්ද විමසීමක් සිදු නොකර හදිසියේම සභාපතිවරයා විසින් සභාව අද දක්වා කල්දමනු ලැබුවා. ඒ අනුව අද සභාව කැඳවූ අවස්ථාවේදි ඡන්ද විමසීම සිදුකිරීමෙන් පසුවයි මෙලෙස අයවැය පරාජයට පත්ව ඇත්තේ.

කෙසේ වෙතත් අද දිනයේදි අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලසන්ත කුරේ අයවැය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදි ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

Update : Thursday, 05 December 2013 - 1:14
--------------------------------------------------------------------
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අයවැය පරදියි.

rn
 
rn
Thursday, 05 December 2013 - 13:01
rn


ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා අයවැය වැඩි ඡන්ද 4 කින් පරාජයට පත්ව තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 4 ක් සහ විපක්ෂව ඡන්ද 8 ක් ලැබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංයුතිය 13 ක්. එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගෙන් සැදුම් ලබනවා. අයවැයට පක්ෂව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු සහ විපක්ෂ නායකවරයා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විපක්ෂව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. විපක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකු අද සභාවට පැමිණ සිටියේ නැහැ. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අයවැය පසුගිය 28 වැනිදා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අයවැයට විරුද්ධව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අදහස් දැක්වූ අතර තවත් තුන්දෙනෙකු පක්ෂව අදහස් පළ කළා. කෙසේ වෙතත් එදින ඡන්ද විමසීමක් සිදු නොකර ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් සභාව අද දක්වා කල්දමනු ලැබුවා. අද යළිත් සභාව කැඳවූ අවස්ථාවේදියි මෙලෙස ඡන්ද විමසීම සිදුකරනු ලැබුවේ.


මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More