කැසිනෝ එපා - මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්.

Thursday, 05 December 2013 - 19:03

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
කැසිනෝ ව්‍යාපාරයේ ආදීනව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. කැසිනෝ ව්‍යාපාරය සංවර්ධනය කිරීම තුළින් රටේ සාරධර්මවලට විය හැකි විනාශය බොහෝය යන ශීර්ෂ පාඨය යටතේ ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද මෙම ලිපියට මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන්ට අමතරව අමරපුර මහනිකායේ මහ නායක හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක හිමියන් අත්සන් කර තිබුණා.

සංචාරක ව්‍යාපාරය ඉලක්ක කොට රට සංවර්ධනය කිරීමට යාමෙන් මෙරට සෑම ආගමිකයෙකුගේම අධ්‍යාත්මික ජීවයට එල්ල වන තර්ජන සුළුපටු නොවන බවයි එම ලිපියේ දැක්වෙන්නේ. ආගමික ප්‍රධානීන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ප්‍රතික්ෂේප කරනු ලබන කැසිනෝ වැනි සියලූ සූදු ක්‍රීඩා තවදුරටත් ව්‍යාප්ත නොකිරීමට සහ ඒවා නතර කිරීමට පියවර ගැනීමෙන් ජනතාවට මෙන්ම රජයටද යහපතක් වනු ඇති බව මහනාහිමිවරුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඇස, කන, නාසය පිනවීමට පමණක් ජනතාව යොමුකර රට සංවර්ධනය කිරීමට යාමෙන් දැනටමත් පැතිර යන මිනිස් ඝාතන, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සහ අල්ලස තව තවත් ව්‍යාප්තවීමට දොරටු විවෘත වන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. සමාජ ව්‍යවසනයකට දොරටු විවෘත කරමින් රටේ ඇතිකරන සංවර්ධනයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි යළි සලකා බැලිය යුතු බව මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර, මෙරට තුළ කැසිනෝ ව්‍යාප්ත කිරීමට එරෙහිව කොළඹදී අද (05) භික්ෂු සම්මේලනයක්ද පැවැත්වුණා. ඊට සහභාගීවෙමින් අදහස් දැක්වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කැසිනෝ මෙරටින් තුරන් කිරීම සඳහා සියලූ දෙනාම කැපවී කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නායකත්වය සපයන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.


සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More