වීඩියෝ: කපිලවස්තුපුර ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය ඇරඹෙයි.

Thursday, 05 December 2013 - 19:22

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
හිරු ටී.වී. පූර්ණ මාධ්‍ය දායකත්වය සපයන කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කොටහේන ශ්‍රී දීපදුත්තාරාම පුරාණ තායි රජමහා විහාරස්ථානයේදී අද (05) ආරම්භ වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ධාතු මංජුසාවේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින කරඬුව තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවයි එය බැතිමතුන් වෙත වන්දනාමාන කටයුතු සඳහා විවෘත කෙරුණේ. අද සිට ලබන 07 වැනිදා දක්වා උදෑසන හයේ සිට රාත්‍රි 11 දක්වා කොටහේන ශ්‍රී දීපදුත්තාරාම විහාරස්ථානයේදී මෙම ධාතු වැඳපුඳා ගැනීමට බැතිමතුන්ට අවස්ථාව හිමිවනවා. වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේට ඉන්දියාවේ කපිලවස්තු පුරයෙන් 1898 වර්ෂයේදී ලැබුණු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මෙලෙස ප්‍රදර්ශනය කරනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් පිරිසක් සමගද සුහද සංවාදයක නිරත වුණා.

කොටහේන ශ්‍රී දීපදුත්තාරාම පුරාණ තායි රජමහා විහාරස්ථානයේ, විහාරධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක හිමිපාණන් වහන්සේ ද මෙහිදී අදහස් පළ කළා.



ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More