තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට විශේෂ දැනුවත් කිරීමක්.

Friday, 06 December 2013 - 7:35

%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රවණතා පිළිබඳව මෙරට සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (05) කොළඹ දී පැවැත්වුණා. ඒ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන්. පසුගියදා නිමාවට පත්වු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවේදී ගනු ලැබූ තීරණ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වන කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. එම ක්‍රියාමාර්ගයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ගතයුතු පියවර පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම උතුර පළාතේ සිදුකරමින් පවතින සංවර්ධන කටයුතු මෙන්ම ඉඩම් ගැටළු නිරාකරණයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පහදා දී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට පියවර ගත් බවද සඳහන්.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More