Update : මැන්ඩෙලා නිදහසේ සංකේතයයි. - චීනය සොව පළ කරයි.

Friday, 06 December 2013 - 7:38

Update++%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
අද අලූයම අභාවප්‍රාප්ත වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතය ලොව පුරා විවිධ රටවලට ආදර්ශයක් වන බව චීනය ප්‍රකාශ කළා. චීන ජනතාවගේ පැරණි මිතුරෙකු වූ ඔහු ලොවේම ආදරය දිනූ පුද්ගලයෙකු ලෙසයි චීන ජනාධිපති ෂී ජිං පිං සඳහන් කළේ. මැන්ඩෙලා සිය ජීවිත කාලය තුළ දෙවරක් චීනයේ චාරිකා කර ඇති අතර අප්‍රිකානු චීන සබඳතා ගොඩනැගීමේ පුරෝගාමියෙකු ද වුණා. නිදහස, සාධාරණත්වය සහ සාමකාමී සහජීවනය මැන්ඩෙලාගේ ජීවිතයෙන් සංකේතවත් වන බව චීන වෙබ් අඩවිවලට නිකුත් කර ඇති මැන්ඩෙලා ශෝක ප්‍රකාශයක සඳහන් වුණා. ජාතිය ගොඩනැගීම ජාතික සංහිඳියාව මත පදනම් කර ගත් නායකයෙකු ලෙස මැන්ඩෙලා හැඳින්විය හැකි බවයි ජපාන අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශ කළේ.

Update  : Friday, 06 December 2013 - 9:14
---------------------------------------------------------
මැන්ඩෙලා වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලය නිහඩ වෙයි.

දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී අරගලයේ නියමුවා වූ නෙල්සල් මැන්ඩෙලාගේ අභාවය වාර්තා වූ විගස නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් විනාඩියක නිහ`ඩතාව පළ කරමින් ඔහුට ගෞරව දක්වා තිබෙනවා. මැන්ඩෙලා වෙනුවෙන් ලෝක නායකයන් රැසක් දැනටමත් ශෝක ප්‍රකාශ නිකුත් කර ඇති අතර, එහිදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සොව පළ කළේ සජීවි ප්‍රකාශයකින්. ඔහු කියා සිටියේ ලෝකයේ වඩාත්ම බලපෑමක් සිදුකළ, ඉමහත් දිරියක් සහිත යහපත් මිනිසෙකු මිහිපිටින් නික්මුණු බවයි. මඞීබා යන මැන්ඩෙලාගේ අන්වර්ථ නාමයෙනුයි ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති ඔබාමා ඔහු හැඳින්වූයේ. අවිහිංසාවාදයෙන් ලොව ජයගත් මැන්ඩෙලා සැබෑ ගාන්ධිවරයෙකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ප්‍රකාශ කළා.

Friday, 06 December 2013 - 8:39
-------------------------------------------------------------------
නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි.

Friday, 06 December 2013 - 7:38

නිදහස ඉල්ලා හඩා වැටුණු කළු අප්‍රිකානුවන්ට සිය ජීවිත කාලය තුළ විමුක්තිය ලබාදුන් අවිහිංසාවාදී නායක නෙල්සන් මැන්ඩෙලා වයස අවුරුදු 95 ක්ව සිටියදී, අද අලූයම අභාවප්‍රාප්ත වුණා. සුළු ජාතික සුදු පාලනය යටතේ පැවති දකුණු අප්‍රිකාව බහුතර කළු අප්‍රිකානුවන්ගේ පාලනයට පරිවර්තනය කිරීම සඳහා ඔහු දැරූ ප්‍රයත්නය දශක ගණනාවක් ඈතට ඇදෙනවා. සිය වර්ණභේද විරෝධී සටන හේතුවෙන් 27 වසරක් සිරගතවී සිටි මැන්ඩෙලා, 1990 වසරේ නිදහස ලැබූ පසු, සුදු ජාතිකයන් සමග සංහිඳියාවක් තුළින් එරට වර්ණභේදවාදය අවසන් කිරීම, මුළු ලෝකයටම පූර්වාදර්ශකයක් ලෙසයි සැලකෙන්නේ.

සිය මානුෂවාදී වැඩපිළිවෙල සඳහා 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ නෙල්සන් මැන්ඩෙලා 1994 වසරේදී දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළුජාතික ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා. 1999 වසරේදී ජනාධිපති ධුරයෙන් ඉවත් වූ ඔහු 2004 වසරේ සිට සියලූ මහජන කටයුතුවලින් ඉවත්ව සිටියා. දකුණු අප්‍රිකාවේ පාලනය තවදුරටත් හිමිව ඇත්තේ නෙල්සන් මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයටයි.

මැන්ඩෙලාගේ අභාවය ප්‍රකාශයට පත් කළ දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා සිය රටවැසියන්ට දැනුම් දුන්නේ ඔහුගේ අවසන් කටයුතු නිමවනතුරු අප්‍රිකානු ජාතික ධජ අඩකුඹු කර තබන ලෙසයි. මැන්ඩෙලාගේ අභාවය පිළිබඳව ලෝක නායකයන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කළා. මැන්ඩෙලා විසින් ලෝකයට ලබාදුන් පූර්වාදර්ශ වලින් තොර ජීවිතයක් පිළිබඳව අපට සිහින මැවිය නොහැකි බව ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති බැරැක් ඔබාමා කියා සිටියා.

ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් පැවසුවේ මැන්ඩෙලා මිනිසත් බව උතුරාගිය පුද්ගලයෙකු බවයි. මිනිස් වර්ගයාගේ ගෞරවණීයත්වය, සමානාත්මතාව සහ නිදහස වෙනුවෙන් ඔහු දැරූයේ ආත්මාර්ථයෙන් තොර ප්‍රයත්නයක් බව ජගත් මහලේකම්වරයා සඳහන් කළා.

නෙල්සන් මැන්ඩෙලාගේ නිවස ඉදිරිපිට දකුණු අප්‍රිකානුවන් විශාල පිරිසක් දැනටමත් රොක්වී සිටින අතර ඔවුන් වර්ණභේද විරෝධී සටන පැවති යුගයේ ගීත ගායනා කරමින් මැන්ඩෙලාට බුහුමන් දක්වන බව විදෙස් වාර්තාකරුවන් පැවසුවා.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More