පාසල් නිල ඇඳුම්වලින් මිලියන 700 ක වංචාවක්.

Friday, 06 December 2013 - 13:12

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+700+%E0%B6%9A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීමේ රුපියල් මිලියන 700 ක වංචාවක් සිදුකර ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි. සාමාන්‍යයෙන් වර්ෂයකට නිල ඇඳුම් සඳහා වැය වන්නේ රුපියල් මිලියන 1400 ක මුදලක්. එහෙත් මෙවර බිලියන 2 ක මුදලක් අධ්‍යාපන සේවා අමාත්‍යාංශය ඒ සඳහා වැය කර ඇති බවයි මන්ත්‍රීවරයා චෝදනා කළේ. මේ සඳහා ටෙන්ඩර් ලබාදීමේදී විශාල වංචාවක් සිදුව ඇති බවත්, මේ පිළිබඳව රජයෙන් පිළිතුරක් අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.


මොරටුවේ ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Thursday, 04 June 2020 - 15:12

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය... Read More

එජාපයේ වත්මන් අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 14:56

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More

සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වී තිබෙන බස් රථ ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Thursday, 04 June 2020 - 14:39

පාසල් සිසුන් ප්‍රවාහනය කරන, සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි... Read More