අයවැය පරාජය වූ පළාත් පාලන ආයතනවල සන්ධාන මන්ත්‍රීවරුන් කොළඹට.

Friday, 06 December 2013 - 13:21

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7.
අයවැය පරාජයට පත්වූ නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් කොළඹට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, එක්වරක් පරාජයට පත්වූ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් මෙම සතියේදී කොළඹට කැඳවා ඇති බවයි නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ. මැදවච්චිය, ඉඹුල්පේ, වත්තල, අලව්ව සහ කැස්බෑව යන පළාත් පාලන ආයතනවල අයවැය මේ වනවිට එක්වරක් පරාජයට පත්වී තිබෙනවා. එමෙන්ම, පෑලියගොඩ නගර සභාව සහ මීරිගම, රාජාංගනය, ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය සභාවල අයවැය දෙවරක් පරාජය වීම හේතුවෙන් එහි සභාපතිවරුන්ගේ ධුර අහිමිවුණා. මේ නිසා, එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද ලබන සතියේදී කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවයි නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තවදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දෙවරක් අයවැය පරාජයට පත්වූ පළාත් පාලන ආයතනවලට මෙතෙක් සභාපතිවරුන් පත් කර නැහැ. ඒ පිළිබඳ අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ, මැතිවරණ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් පුරප්පාඩු ඇති බවට දැනුම්දීමෙන් පසුව සන්ධානය තුළ සිටින අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කොට සභාපති තනතුරු සඳහා නියෝජිතයින් නම් කරන බවයි.