වීඩියෝ: පොලීසියට වැරදුණු තැනක්.

Friday, 06 December 2013 - 19:24

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නොතීසි නිකුත් කළා. ඒ, සැකකරුවෙකු පොලීසියට භාරදීමට යාමේදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිළ නොලත් මහේස්ත්‍රාත්වරියක ද වන නීතිඥ,  රජිකා ප්‍රසාදිනී විජේතුංග ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. නීති ආධාර කොමිසමේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරවරිය ද වන ඇය මෙම සැකකරු භාරදීමට මාතර පොලීසිය වෙත ගොස් ඇත්තේ පසුගිය මැයි මස 27 වන දායි. කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව අදාළ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටීමට ගොස් පොලිස් ස්ථානයේ දී තමන්ට මුහුණදීමට සිදුවූ සිද්ධිය ඇය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. ඇය සදහන් කළේ සේවාදායකයා භාරදීමට ගිය තමන්ට මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බැන වැදුණු බවයි. එසේම අදාළ පුද්ගලයාට පෙට්‍රල්වලින් නහවා පහර දුන් බවත්, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් එළිවන තුරු පොලීසියේ රැදී සිටි බවත් ඇය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.
 

පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උපදෙස් මත නීතිඥ රජිකා ප්‍රසාදිනී මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ අතර, අද (06) එය කැදවූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළා. ඒ අනුව ලබන වසරේ මැයි මස 30 වන දා පෙත්සම විභාගයට ගන්නා බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි අදාළ පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේ.



අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More

පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් CIDයෙන් පිටව යයි
Thursday, 09 July 2020 - 20:08

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක්... Read More

සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More