Update: වීඩියො: පිටකොටුවේ ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවේ.

Friday, 06 December 2013 - 20:11

Update%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%3A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.
පිටුකොටුව - බෝධිරාජ මාවතේ කඩපෙළක ඇතිවූ ගින්න කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙය එම කඩකාමර පෙළේ 77 වැනි කාමරයේ හටගත් ගින්නක් පැතිරයාමෙන් ඇතිවූ තත්ත්වයක් බවයි.

පිටකොටුව - බෝධිරාජ මාවතේ කඩ පෙළක ඊයේ රාත්‍රියේ ගින්නක් හට ගත්තා. එකිනෙකට යාබදව තාවකාලිකව ඉදිකළ කඩකාමර 102 ක් පමණ මෙම ගින්නෙන් විනාශයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙම කඩකාමර පෙළෙහි 77 වැනි කාමරයේ තිබූ පහනකින් හෝ එහි තිබූ කුඩා ජෙනරේටරයේ ඉන්ධනවලින් ඇතිවූ ගින්නක් ද යන්න පිළිබඳව අවධානය යොමුවී ඇති බවයි.  ඒ සඳහා එම කාමරයේ ගිනිගත් ද්‍රව්‍ය සාම්පල රජයේ රස පරික්ෂකවරයා විසින් ලබාගෙන ඇති අතර ඊට අදාළව හයිඩ්‍රෝ කාබන් පරීක්ෂාවක් සිදුකර ඉන්ධන වර්ගය පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට නියමිතයි. කෙසේ වෙතත් මෙය කිසිදු අයුරකින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවයි අද සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.
 
මේ අතර පිටකොටුව - බෝධිරාජ මාවතේ කඩපෙළක ඇති වූ ගින්නෙන් ව්‍යාපාරික කටයුතු අඩාල වූ වෙළඳුන් සඳහා කඩිනමින් සිය වෙළඳාම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ නගරාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා. කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් කඩ පෙළෙහි ගින්න ඇතිවූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේ බව සඳහන් කළා. 

Update: Saturday, 07 December 2013 - 06:58 PM
--------------------------------------
පිටකොටුවේ ගින්න ගැන සොයන්න C.C.D ට භාරයි.

පිටකොටුව - බෝධිරාජ මාවතේ කඩ පෙළක ඊයේ (06) රාත්‍රියේ හට ගත් ගින්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පවරා තිබෙනවා. කුඩා කඩ 100කට වැඩි ප්‍රමාණයක් එහි පවතින අතර ඉන් 50ක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. රෙදි, ප්ලාස්ටික් බඩු සහ සෙල්ලම් බඩු අලෙවි කරන කුඩා අලෙවිසැල් ගින්නට ගොදුරු වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෙහි පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී ඇති බවත් ගින්නට හේතුව කඩිනමින් අනාවරණ කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

Update: Saturday, 07 December 2013 - 12:47 PM
--------------------------------------
පිටකොටුවේ ගින්නෙන් කඩ 50ක් විනාශයි.

පිටකොටුව - බෝධිරාජ මාවතේ කඩ පෙළක ඊයේ (06) රාත්‍රියේ ගින්නක් හට ගත්තා.  කුඩා කඩ 100කට වැඩි ප්‍රමාණයක් එහි පවතින අතර ඉන් 50ක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පොලිසිය ප්‍රකාශ කළා. රෙදි, ප්ලාස්ටික් බඩු සහ සෙල්ලම් බඩු අලෙවි කරන කුඩා අලෙවිසැල් ගින්නට ගොදුරු වී තිබෙනවා. සිද්ධිය පිළිබදව වෙළඳසැල් හිමියන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු අතර ඔවුන් කියා සිටියේ ලාම්පුවක් පෙරළීයාමෙන් අනතුර සිදුවූ බවට තමන් සැක කරන බවයි. කෙසේ වෙතත්, මෙම ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මේ වන විට වෙළදසැල් හිමියන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. රජයේ රස පරීක්ෂකවරයා සහ විදුලි ඉංජිනේරුවන් කැදවා ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.

Update : Saturday, 07 December 2013 - 7:46 AM
--------------------------------------
පිටකොටුවේ ගින්නේ හානිය මෙහෙමයි.

පිටකොටුව - බෝධිරාජ මාවතේ කඩ පෙළක හට ගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. කුඩා කඩ 100කට වැඩි ප්‍රමාණයක් එහි පවතින අතර ඉන් 80කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. රෙදි, ප්ලාස්ටික් බඩු සහ සෙල්ලම් බඩු අලෙවි කරන කුඩා අලෙවිසැල් ගින්නට ගොදුරු වී තිබෙනවා. ඊට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.



Update - Friday, 06 December 2013 - 9:10
-----------------------------------------
බෝධිරාජමාවතේ කඩ පෙළක් ගිනි ගනී.           

පිටකොටුව - බෝධිරාජ මාවතේ කඩ පෙළක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත්තා. බෝධිරාජමාවතේ අලූතින් ඉදි කළ කඩ පෙළක් මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි පොලිස් හදිසි ඇමතුම් අංශය ප්‍රකාශ කළේ. එය පාලනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව කොළඹ ගිනි නිවීමේ ඒකකය කියා සිටියා.


සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සමජිකයින් 07දෙනෙක් ස්වයං නිරෝධායනයට
Thursday, 09 July 2020 - 19:57

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සමජිකයින් 07දෙනෙක් ස්වයං... Read More

ආර්ථික ගැටළු සඳහා මෙතෙක් විසඳුම් නැහැ - රනිල්
Thursday, 09 July 2020 - 19:54

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොතරම් සමීපව වැඩ කටයුතු... Read More