නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු 15 වන දා.

Saturday, 07 December 2013 - 7:59

%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+15+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F.
වයස අවුරුදු 95ක්ව සිටියදී ඊයේ මිය ගිය සිය අසහාය නායකයාට බුහුමන් දැක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත දකුණු අප්‍රිකානුවන් ජොහැනස්බර්ග් සහ ප්‍රිටෝරියා නගරවලට තවදුරටත් රොක් වෙමින් සිටිනවා. සොවේටෝ හි මැන්ඩෙලාගේ පැරණි නිවහන ඉදිරිපිට ද රැස්වූ පිරිස් නටමින්, ගී ගයමින් මැන්ඩෙලාගේ ජීවිතය සැමරීමට එක්වුණා. දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා මෙන්ම වර්ණභේද විරෝධී සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු දෙසැම්බර් 15 වන ඉරිදා පැවැත්වෙන බව ජනාධිපති ජේකොබ් සූමා ඊයේ (06) ප්‍රකාශයට පත් කළා. දකුණු අප්‍රිකාව පුරා ජනතාව යාඥා මෙහෙයන් හි නිරත වෙමින්, වර්ණභේද විරෝධී ගී ගයමින්, ඉටි පහන් දල්වමින් නෙල්සන් මැන්ඩෙලාට උපහාර දක්වනවා. හෙට සහ ලබන අඟහරුවාදා මැන්ඩෙලා වෙනුවෙන් විශේෂ ආගමික මෙහෙයන් සංවිධාන කර ඇති අතර, රාජ්‍ය ගෞරවය සඳහා දේහය ප්‍රිටෝරියා අගනුවරට රැගෙන එන්නේ ලබන බදාදායි. ලබන ඉරිදා මැන්ඩෙලාගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ ඔහු උපන්, හැදුණු, වැඩුණු නැගෙනහිර කේප් ප්‍රදේශයේ කූනු ගම්මානයේදියි.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More