බුෂ්, ඔබාමා, ක්ලින්ටන් දකුණු අප්‍රිකාවට.

Saturday, 07 December 2013 - 13:02

%E0%B6%B6%E0%B7%94%E0%B7%82%E0%B7%8A%2C+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%2C+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
වර්ණභේද විරෝධී සටනේ සංකේතය වූ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත නෙල්සල් මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරුන් තුන් දෙනෙකු සහභාගි වන බව විදෙස් වාර්තා සඳහන් කළා. වත්මන් ජනාධිපති මෙන්ම ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වන බැරැක් ඔබාමා, මිෂෙල් ඔබාමා සමඟ ඉදිරි සතියේ දකුණු අප්‍රිකාව බලා නික්මීමට නියමිතයි.

ජනාධිපති ඔබාමා දකුණු අප්‍රිකාව බලා යන්නේ සිය නිල ගුවන් යානය වන එයාර් ෆෝස් වන් යානයෙන්. හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සිය බිරිඳ ලෝරා බුෂ් සමඟ එම ගුවන් යානයෙන්ම දකුණු අප්‍රිකාව බලා නික්මෙන්නේ නෙල්සල් මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමටයි.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද සිය බිරිඳ වන හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමඟ මැන්ඩෙලාගේ අවමඟුලට සහභාගිවීමට සැලසුම් කර ඇති බව සඳහන්. එහෙත් ඔවුන් ජනාධිපති ඔබාමාගේ යානයෙන් දකුණු අප්‍රිකාව බලා ගමන් කරන්නේ ද යන්න මෙතෙක් ප්‍රකාශ වී නැහැ. අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන 15 වන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

 


අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More

කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි හිස ඔසවයි (ඡායාරූප)
Wednesday, 03 June 2020 - 6:44

කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක... Read More

ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More