කැමරන්ගේ හයියට කම්කරු පක්ෂයත් එක්වෙයි.

Saturday, 07 December 2013 - 12:46

%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව සමඟ එරට විපක්ෂ - කම්කරු පක්ෂයේ නාමික විදේශ ලේකම් ඩග්ලස් ඇලෙක්සැන්ඩර් ඊයේ (06) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත වාර්තා කරන පරිදි එහිදී ඔහු සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තමන් අග්‍රාමාත්‍ය ඬේව්ඞ් කැමරන් වෙත බල කිරීමට සූදානම් බවයි. ශ්‍රී ලංකාව ලබන මාර්තු මාසය වන විට දේශීය යාන්ත්‍රණයක් සකස් නොකළහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා සහාය ලබාදෙන බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේ. එහෙත් එම ක්‍රියාදාමය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් විසින් ලබන මාර්තුවට පෙරම ආරම්භ කළ යුතු බව කම්කරු පක්ෂයේ අදහස වී තිබෙනවා.

2014 වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැදගත් වසරක් වන බවයි කම්කරු පක්ෂ විදේශ කටයුතු ප්‍රධානී ඩග්ලස් ඇලෙක්සැන්ඩර් කියා සිටියේ. ලබන වසරේ මාර්තුවේ ජිනිවා හි පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළා.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විශාල පිරිසක් සිටින අතර ඔවුන්ගේ ඡන්ද සංචිතය බ්‍රිතාන්‍යයේ වත්මන් රජයට මෙන්ම විපක්ෂයට ද වැදගත්. අගමැති ඬේවිඞ් කැමරන් ශ්‍රී ලංකාවට එරෙහි දැඩි ප්‍රකාශ සිදුකරන්නේ ද ඒ නිසා බව විචාරක මතයයි. දැන් විපක්ෂ - කම්කරු පක්ෂය ද එම ප්‍රවාහයට එක්වී සිටිනවා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නියෝජිතයන් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සහ එක්සත් රාජධානියේ දෙමළ ජාතික සන්ධාන ශාඛාව ද එක්ව සිටි බව සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා පිළිබද ඇමරිකාව දැනුවත් කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළා. නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඇමරිකානු සෙනෙට් මණ්ඩල විදේශ කමිටු සාමාජික මොෆී ඬේමියන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ ත්‍රිකුණාමලයේ දී හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ. 


ආදායම් බදු, දඩ සහනයට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
Thursday, 04 June 2020 - 10:24

කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා තිබූ කාලය තුළදී එනම් 2020 ජුනි මස... Read More

මුන්දලමේදී නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Thursday, 04 June 2020 - 9:59

මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලාගිය බව... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More