වීඩියෝ: ගෑස් මිල රු. 700 කින් වැඩි කරන්න ඉල්ලයි.

Saturday, 07 December 2013 - 12:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94.+700+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් ඉහළ නැංවීම සඳහා මෙරට එල්.පී. ගෑස් බෙදා හරින සමාගම් දෙක විසින්ම ඉල්ලීම් කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ. ඩග්ලස් සදහන් කළේ අදාළ ඉල්ලීම් අධිකාරියේ මිල තීරණ කමිටුව වෙත යොමු කර ඇති බවයි. අධිකාරිවරයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දෙසැම්බරයේ විදෙස් රටවලට ශීත කාලය උදාවීමත් සමඟ මෙරටට ආනයනය කරන ගෘහස්ථ ගෑස්වල මිල වැඩිවීමක් සිදුවී ඇති බැවින් මෙරට ගෑස් සමාගම් දෙක විසින් අදාළ මිල ඉහළ යැවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි.

මේ අතර, සිය අනුමැතියකින් තොරව කිරිපිටි මිල වැඩි කරන සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ. ඩග්ලස් කියා සිටියා. මෙහිදී තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව එක් පෞද්ගලික කිරිපිටි ආනයනය කරන ආයතනයකට දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ අනුව ඉදිරියේදී ද යම් කිරිපිටි ගෙන්වන ආයතනයක් එසේ මිල වැඩි කරන්නේ නම් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.



විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා - සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 17:47

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව... Read More

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More