තවත් මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවෙයි.

Saturday, 07 December 2013 - 18:56

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ජාත්‍යන්තර නෞකාවල රැකියා ලබා දෙන බව පවසා තරුණයන් මලයාසියාවට යැවූ ජාවාරමක මහමොළකරු අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලිසිය අද (07) සමත්වුණා. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මිරිහාන පොලිසිය ප්‍රකාශ කළේ.

මලයාසියාවේ නෞකාවල රැකියාවලට ගොස් අතරමංවී නැවත ශ්‍රී ලංකාවට පැමිණි තරුණයන් 4 දෙනෙකු මිරිහාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුවයි මේ පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇත්තේ. එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 4 බැගින් මුදලක් අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් ලබාගෙන තිබෙනවා. නුගේගොඩ නගරයේ පිහිටි මෙම විදේශ රැකියා ආයතනයෙන් මීට පෙර ද නෞකාවල රැකියා ලබාදෙන බව පවසා තරුණයන් මලයාසියාවට පිටත් කර යවා තිබෙනවා. පසුගිය නොවැම්බර් මස 12 වැනිදා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණයන් 5 දෙනෙකු මලයාසියාවට ගොස් ඇත්තේ ජාත්‍යන්තර නෞකාවල සේවය කිරීම සඳහායි. නමුත්, ඔවුන් එරටට ගිය පසු සිදුවී ඇත්තේ ජාත්‍යන්තර නෞකාවල වැඩකරනවා වෙනුවට කුඩා බෝට්ටුවල සහ වැලිපටවන බෝට්ටුවල සේවය කිරීමටයි.

කෙසේ වෙතත්, එම තරුණයින් මේ පිළිබඳව මලයාසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙනවා. පසුව, එරට ආරක්ෂක අංශ විසින් ඔවුන් එම ස්ථානයෙන් මුදවා ගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාර දුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම තරුණයින් සඳහන් කළේ. 


කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More