මැද පෙරදිග රැකියාවලට නව සේවා කොන්දේසි.

Sunday, 08 December 2013 - 12:46

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92.
මැදපෙරදිග සේවය සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අදාළ ගිවිසුම් සකස්කිරීම සම්බන්ධයෙන් නව එකඟතාවක් ඇතිවී තිබෙනවා. මැදපෙරදිග සේවය සඳහා ශ්‍රමිකයන් යවන ආසියාතික රටවල් 6 ක් සහ ගල්ෆ් රාජ්‍යයන් 6 ක් අතර පැවති කලාපීය සංවාදයකදියි එම එකඟතාව ඇතිවී තිබෙන්නේ. එම සංවාදය සඳහා ලෝක කම්කරු සංවිධානය, ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සහ එක්සත් ජාතින්ගේ කාන්තා කටයුතු කාර්යාලයද සහභාගි වී තිබෙනවා.

විශේෂයෙන් මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන ශ්‍රමිකයන්ගේ සේවා තත්ත්වයන් සහ ගිවිසුම් පිළිබඳවයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ. එහිදී ඇතිවූ එකඟතාව අනුව ජාත්‍යන්තර කම්කරු නීතීන්ට අනුකූලව අදාළ රටවල ජාතික කම්කරු ප්‍රතිපත්තීන් සකස්විය යුතුයි. එමෙන්ම කොන්ත්‍රාත් ගිවිසුම් ශ්‍රමිකයන්ට අවබෝධ කරගත හැකි භාෂාවකින් ලබාදීමද ඇතිවී තිබෙන එකඟතාවක්. හදිසි අවස්ථාවකදී සිදුකළ යුත්තේ කුමක්ද සහ දැනුම්දීම සිදුකළ යුත්තේ කාටද යන්න පිළිබඳව ගෘහ සේවක සේවිකාවන් දැනුවත් කිරීමද නව එකඟතාවේ කොන්දේසියක්.
 
සෞඛ්‍ය සහ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් තමා සේවය කිරීමට යන රටෙහි පවතින තත්ත්වයන් පිළිබඳව ශ්‍රමිකයන්  දැනුවත් කළ යුතුයි. වසර දෙකක් තුළ ශ්‍රමිකයාට සේවය අවසන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් මුදාහැරීමටද නව එකඟතාව අනුව විදේශික හාම්පුතුන් බැඳී සිටිනවා. එමෙන්ම ගමන් බලපත්‍ර ඇතුලූ සියලූ සංචාරක ලියකියවිලි සෑම අවස්ථාවකදීම ශ්‍රමිකයා අත තිබීමද මෙහි කොන්දේසියක් වනවා.  මෙය නීතිමය බැඳීමක් නොමැති එකඟතාවක් වුවද ඉදිරියේදී ගෘහ සේවිකාවන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කිරීමේ ආකෘතියක් වනු ඇති බව කලාපීය සංවාදයට එක්වූ එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂිකා ආචාර්ය රෙබෙකා ටැවරේස් ප්‍රකාශ කළා.


මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත්හළ නොහැකියි - ජනපති
Thursday, 28 May 2020 - 21:52

කොවිඩ් - 19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු... Read More

ඇඳිරි නීතිය කැඩූ යතුරුපැදිකරුට ලැබුණු දඩය
Thursday, 28 May 2020 - 21:12

පොලිස් අණ නොතකා නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් යතුරු පැදියක්... Read More

කාවින්ද ගැන අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙන්න හරීන් CCDයට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:50

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන... Read More