දින 13 කදී ධීවරයන් 98 ක් ඉන්දීය අත්අඩංගුවට.

Sunday, 08 December 2013 - 12:50

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+13+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+98+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
ඉන්දීය මුහුදු තීරයට ඇතුලූ වූ බවට චෝදනා කරමින් තවත් ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු එරට වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය දින 13 තුළ අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවරයන්ගේ සංඛ්‍යාව 98 දක්වා ඉහළ යන බව පී ටී අයි ඉන්දීය ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. චෙන්නායි වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයේදී සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණ පට්නම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පසුගිය දෙසැම්බර් 5 වැනිදා ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ධිවරයන් සමග ඔවුන්ගේ බෝට්ටු 3 ක්, චෙන්නායි වෙත රැගෙන ගොස් තමිල්නාඩු පොලීසිය වෙත භාරදෙන බවයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතර ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයන් 59 දෙනෙකු දෙසැම්බර් 20 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.  ඒ, රාමනාදපුරම් මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැප්තැම්බර් 18 වන දා අත්අඩංගුවට ගත් මීගමුවෙන් මුහුදු ගිය ධීවරයන් 5 දෙනෙකු ඔක්තෝම්බර් 9 වන දා සහ 30 වන දා අත්අඩංගුවට ගත් පුත්තලමෙන් මුහුදු ගිය ධීවරයන් 50 දෙනෙකු සහ නොවැම්බර් 6 වන දා කලූතරින් මුහුදු ගිය ධීවරයන් 4 දෙනෙකු මෙම පිරිස අතර සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් පසුගිය කාලය තුළ ශ්‍රී ලාංකික ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් වැඩිවශයෙන් වාර්තාවුණා. මෙම ධීවරයන් ඉන්දීය බන්ධනාගාරවල ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බවයි ධීවර සහ මුහුදු ප්‍රවාහන සංවිධාන පවසන්නේ. අප කළ විමසුමකදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළේ ඔවුන් කඩිනමින් මුදාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික පියවර ක්‍රියාත්මක වන බවයි.


සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More