වීඩීයෝ : Update : අකාෂි අද විදේශ ඇමති හමුවෙයි.

Sunday, 08 December 2013 - 19:16

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
දිවයිනට පැමිණ සිටින ජපානයේ විශේෂ නියෝජිත යෂුෂි අකාෂි අද පෙරවරුවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මුණගැසුණා. ඒ, විදේශ අමාත්‍යාංශයේදියි. මෙහිදී විදේශ අමාත්‍යවරයා සහ ජපාන විශේෂ නියෝජිතයා අතර ද්විපාර්ශවික කරුණු රැසක් හුවමාරුවී තිබෙනවා. ඊයේ මෙරටට පැමිණි ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාෂි ලබන 13 වැනිදා දක්වා මෙරට තුළ රැඳී සිටිනු ඇති. ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය සොයා බැලීම ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බව මෙරට ජපාන තානාපති කාර්යාලය සඳහන් කළා. 2002 වසරේ සිට වරින් වර ශ්‍රී ලංකාවේ සංචාරවල නිරතවූ යෂුෂි අකාෂි මෙවර දිවයිනට පැමිණියේ 23 වන වරටයි. මෙවර සංචාරයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂ විපක්ෂ නියෝජිතයින්ද මුණගැසීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Update : Monday, 09 December 2013 - 1:32

-----------------------------------------------------------------------------------
යෂුෂි අකාශි 23 වැනි වතාවටත් යළි දිවයිනට.

ජපාන රජයේ විශේෂ නියෝජිත යෂුෂි අකාෂි නිළ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ  දිවයිනට පැමිණියා. ඔහු ලබන සිකුරාදා දක්වා මෙරට රැදී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. මෙම කාලසීමාව තුළ යෂුෂි අකාෂි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ අමාත්‍යවරයා සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි කටයුතු කරනවා. යෂුෂි අකාෂි ශ්‍රී ලංකාවට පැමිණෙන 23 වන අවස්ථාව ද මෙය වනවා.



Monday, 09 December 2013 - 7:32

------------------------------------------------------------
ජපනයේ විශේෂ නියෝජිත යෂුෂි අකාශි දිවයිනට.

ජපාන රජයේ විශේෂ නියෝජිත යෂුෂි අකාශි නිළ සංචාරයක් සඳහා අද (08) රාත්‍රියේ  දිවයිනට පැමිණියා. අද සිට එළඹෙන 13 වන දා දක්වා ඔහු මෙරට රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. යෂුෂි අකාශි ශ්‍රී ලංකාවට පැමිණෙන 23 වන අවස්ථාව ද මෙය වනවා.

 
 Sunday, 08 December 2013 - 08:44
--------------------------------------------------------------
යෂුෂි අකාශි අද රාත්‍රියේ දිවයිනට.

rn
Sunday, 08 December 2013 - 19:16
rn

ජපාන රජයේ විශේෂ නියෝජිත යෂුෂි අකාශි නිළ සංචාරයක් සඳහා අද (08) රාත්‍රි 8.00 පමණ දිවයිනට පැමිණීමට නියමිතයි. අද (08) සිට එළඹෙන 13 වන දා දක්වා ඔහු මෙරට රැදී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. එහිදී ඔහු, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ අමාත්‍යවරයා සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි කටයුතු කරනවා. යෂුෂි අකාශි ශ්‍රී ලංකාවට පැමිණෙන 23 වන අවස්ථාව ද මෙය වනවා.


මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 6:25

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More