වීඩියෝ: බිරිඳ ගෙන්වා දෙන්නැයි සැමියෙකු භූමි තෙල් බොයි.

Monday, 09 December 2013 - 13:16

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92.
සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය තම බිරිද මෙරටට ගෙන්වා දීමේ කටයුතු ප්‍රමාද කර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට චෝදනා කරමින් පුද්ගලයෙකු අද (09) දහවල් එම කාර්යාංශය ඉදිරිපිට භූමිතෙල් පානය කොට සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළා. මොහු පුත්තලම - කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ඉන්දික ප්‍රසාද් විජේරත්න නැමැති පුද්ගලයෙක්.  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු මොහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ.

ඔහුගේ බිරිද වන 35 හැවිරිදි ක්‍රිෂාන්ති නිමාලිකා සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් ඇත්තේ මීට මාස 7කට පෙරයි. එහිදී තමන්ට විවිධ කරදර සිදුවන බවට ඇය දුරකථනයෙන් පැවසූ බවත් ඒ අනුව ඇය ගෙන්වා ගැනීමට අදාළ ඒජන්සියට ලක්ෂ 3 හමාරක මුදලක් ගෙවීමට පොරොන්දු වූ බවත් මොහු ප්‍රකාශ කර තිබෙනවා.                                             

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණියගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අදාළ කාන්තාව මෙරටට ගෙන්වීමට කටයුතු සිදුකරමින් පවතින බවයි. කෙසේ වෙතත් විදේශගත වන කාන්තාවන් තම පවුල්වල සැබෑ තත්ත්වය හෙළි නොකර විදේශගතවීමෙන් මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් උද්ගත වන බව ද සාමාන්‍යාධිකාරීයා කියා සිටියා.



Update: Monday, 09 December 2013 - 08:05 PM
-----------------------------------------------------
විදෙස් සේවා කාර්යාංශය තුළදී පුද්ගලයෙකු සියදිවි හානි කර ගැනීමේ තැතක්.

බත්තරමුල්ල විදෙස් සේවා නියුක්ති කාර්යාංශය තුළ භූමිතෙල් පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු අද (09) දහවල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ. පුත්තලම 17 කණුව ප්‍රදේශයේ පදිංචි ඉන්දික සම්පත් නමැති මෙම පුද්ගලයා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය තුළදී මෙලෙස භූමිතෙල් පානය කර ඇත්තේ සෞදියේ ගෘහ සේවය සඳහා ගොස් සිටින තම බිරිඳ මෙරටට ගෙන්වාදීමේ කටයුතු ප්‍රමාද කර ඇති බවට එම කාර්යාංශයට චෝදනා කරමින්.




මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:48

අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස්... Read More