වජිරා නෙත්තිකුමාරට නොතීසි.

Monday, 09 December 2013 - 14:15

%E0%B7%80%E0%B6%A2%E0%B7%92%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92.
කොළඹ - පුරහල ආසන්නයේ සලාකා - රෙජිනෝල්ඞ් ක්ලබ් හි පවත්වාගෙන ගිය සූදුපොළ සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකාරිය වන වජිරා නෙත්තිකුමාර වෙත අද (09) නොතීසි නිකුත් කෙරුණා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් මතයි. ඒ අනුව ලබන 13 වන දා ඇයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීට පෙර අවස්ථා 8කදී කොළඹ පුරහල ආසන්නයේ පිහිටි මෙම සූදුපොළ වටලා ඇති බවයි. එහිදී සැකකරුවන් 222ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවසන්වරට මෙම සූදුපොළ වටලනු ලැබුවේ පසුගිය 18 වන දායි. එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම සූදුපොළ පවත්වාගෙන යන ස්ථානය ආසන්නයේ නිරන්තරයෙන් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා යොදවන බවයි.



දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Saturday, 06 June 2020 - 6:07

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය... Read More

රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More