වීඩියෝ: උඩුදුම්බර අය වැයත් පරදී.

Monday, 09 December 2013 - 19:16

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද (09) පරාජයට පත්වුණා. 9 දෙනෙකුගෙන් සැදුම්ලත් ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5ක්. ඒ අතුරින් හිටපු සභාපති සෙනෙවිරත්න බණ්ඩා මෙවර අය වැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබෙනවා. උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනා සමඟ ස්වාධීන මන්ත්‍රීවරයා ද විරුද්ධව ඡන්දය භාවිතා කළා.                     

මේ අතර, අනුරාධපුර මහනගර සභාවේ ලබන වසර සඳහා වන අය වැය අද (09) වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. කෙසේ වෙතත්, එහි විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර ප්‍රකාශ කළේ 13 දෙනෙකුගෙන් සමන්විත මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාවට පැමිණීමට පෙර සභාපතිවරයා අය වැය සම්මත කරගෙන ඇති බවයි.

අනුරාධපුර මහනගර සභාවේ විපක්ෂ නායකවරයා එල්ල කරන මෙම චෝදනාව පිළිබදව අප නගරාධිපති එච්.පී. සෝමදාසගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත්, ඡන්දය විමසන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී වෛද්‍ය නන්ද පුෂ්පකුමාර සහභාගි වී තිබෙනවා. ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙහිදී සභාපතිවරයා තමන්ගෙන් ඡන්ද විමසීමක් සිදුනොකළ බවයි.

මේ අතර, අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස අද (09) පස්වරුවේ අනුරාධපුර පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අයවැය පරාජය වීමෙන් අනතුරුව නගර සභාවේ විපක්ෂ නායකවරයා තමන්ට පහරදුන් බවට චෝදනා කරමින්. කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතන 11 ක අයවැය මේ වනවිට පරාජයට පත්වී තිබෙනවා. පෑලියගොඩ, මීරිගම, රාජාංගනය සහ ඇඹිලිපිටිය යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ ධුර ද මේ වන විට අහිමි වී ඇත්තේ අයවැය යෝජනා දෙවරක් පරාජයවීම හේතුවෙන්. මීට අමතරව නිදහස් සන්ධානයට බලය හිමි මැදවච්චිය, ඉඹුල්පේ, වත්තල, අලව්ව, කැස්බෑව, මාතර යන පළාත් පාලන ආයතනවල අය වැය එක් වරක් පරාජය පත්වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි සීතාවකපුර නගර සභාවේ අය වැය සභාවට පළමු ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී පසුගිය දා එය පරාජයට පත්වුණා.
 
මේ අතර, එහි නගරාධිපති සුසිල් ප්‍රේමලාල් පින්තු අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඉදිරියේ දී අය වැය යෝජනාව දෙවන වර ඉදිරිපත් කිරීමට නියමිත අතර නගර සභාවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදෙන ලෙස නගරාධිපතිවරයා මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ඒ පිළිබඳව තම අවධානය යොමුකරන බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.






මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More