අපි සැමවිට සාධාරණව කටයුතු කරනවා. - නිමල් සිරිපාල, යසුෂි අකාෂිට කියයි.

Tuesday, 10 December 2013 - 7:54

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%2C+%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B7%82%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
යුද්ධය නිම කිරීමෙන් පසු ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති වැඩපිළිවෙල ලොව අන් කවර රජයක්වත් සිදුකර නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. පස්දින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික යසුෂි අකාශි ඊයේ හමුවූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකා රජය සැමවිටම සියල්ලන් වෙත සාධාරණව කටයුතු කරනවා. එහෙත් බිය වැද්දීම් තුළින් යම් යම් කටයුතු කිරීමට රජය එකඟ වන්නේ නැහැ.

විදේශ රටවල් සමඟ කටයුතු කිරීමේදී සැමවිටම සුහදත්වය මෙන්ම මෙරට ස්වාධීනත්වය ආරක්ෂා වන අයුරින් ක්‍රියා කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. උතුරු පළාත් සභා මැතිවරණය තුළින් මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදය ජාත්‍යන්තරයට විදහා දැක්වීමට රජය සමත් වූ බව ද යසුෂි අකාශි හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
 
ජපාන රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි ඊයේ (09) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශවික සබඳතා පිළිබඳව ද ඔවුන් අදහස් හුවමාරු කර ගත් බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළා. ඊට අමතරව යසුෂි අකාෂි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද මුණ ගැසුණා. ජපාන විදේශ නියෝජිතයා අද අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් මුණ ගැසෙන අතර, හෙට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.