රනිල්ගේ කාර්යාලයට මාපිලා ආවේ මල් පෝච්චියෙන්.

Tuesday, 10 December 2013 - 7:57

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති විපක්ෂ නායක කාර්යාලයට මාපිලෙකු පැමිණියේ මල්පෝච්චියකින් බව නිගමනය කළ හැකි බව ඒ පිළිබඳ පරීක්ෂණය සිදුකළ පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරනවා. පසුගිය මස 21 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ සිටියදී මාපිලෙකු සොයා ගත් අතර, ඒ අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර වෙත දැනුම් දුන්නා. ඒ අනුව, වේත්‍රධාරිවරයා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තු නිලධාරින් 6 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන තිබෙනවා. ඉන් අනතුරුව සැකසූ වාර්තාවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත භාරදී තිබෙන්නේ.

පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ සිට තුන්වන මහලට සර්පයෙකුට ගමන් කිරීමට ඇති ඉඩකඩ බොහෝදුරට සීමිත බව ද මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්. පාර්ලිමේන්තුවේ බිම්මහලේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී සර්පයින් සිට ඇති බවට සාක්ෂිකරුවන් ප්‍රකාශ කළ බව ද මෙම වාර්තාවේ දැක්වෙනවා. මල්පැළ සහිත පෝච්චි පැටවීමේදී උද්‍යාන සහායක එම පෝච්චි ශුද්දකර පැටවූව ද පොලිස් පරීක්ෂාවට ලක්වන මහජන පිවිසුමේදී පෝච්චි නිසි ලෙස පරීක්ෂාවට ලක්වන්නේ ද යන්න සැකසහිත බවද මෙහි සඳහන්.
 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කියා සිටියේ අදාළ පරීක්ෂණ වාර්තාව කතානායකවරයා වෙත භාරදීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි. කෙසේ නමුත්, මෙලෙස විපක්ෂ නායකවරයාගේ කාර්යාලයට පැමිණි සර්පයා මාපිලෙකු නොව විෂ රහිත කුණුමී කරවලෙකු බව මීට පෙර ජාතික සත්වෝද්‍යානය ප්‍රකාශ කළා.


සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්
Sunday, 07 June 2020 - 12:08

රජයේ සියළුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More