ජනපති දකුණු අප්‍රිකාවට ළඟා වෙයි.

Tuesday, 10 December 2013 - 7:58

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) පස්වරුවේ දකුණු අප්‍රිකාවට ළඟා වුණා. අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සල් මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනෙන් නික්ම ගියේ ඊයේ උදෑසනයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් අද සහ හෙට පැවැත්වෙන අවමංගල්‍යය මෙහෙයන්ට සහභාගි වනු ඇති. දකුණු අප්‍රිකානු යූනියන් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇති හිටපු ජනාධිපති මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට ප්‍රිටෝරියා නුවරට පැමිණෙනවා.
 
දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා සිව් දින නිළ සංචාරයක් සඳහා කෙන්යාව බලා නික්මෙනවා. එහිදී ජනාධිපතිවරයා කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More