මැන්ඩෙලා සැමරුම් මෙහෙයට රාජ්‍ය නායකයන් 91 ක්.

Tuesday, 10 December 2013 - 12:54

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+91+%E0%B6%9A%E0%B7%8A.
සමස්ත ලෝකයේම ජනාදරයට පත්වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් ජොහැනස්බර්ග් නුවර අද පැවැත්වෙන සැමරුම් මෙහෙය සඳහා රාජ්‍ය නායකයන් 91 දෙනෙකු ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාව එක්වනවා. එහෙත් මෙහෙය පැවැත්වෙන ජොහැනස්බර්ග් ක්‍රීඩාගාරයේ ඉඩකඩ ඇත්තේ 90,000 කට පමණයි. මෑත ඉතිහාසයේ පැවැත්වෙන වඩාත්ම වැදගත් අවමංගල්‍ය උත්සවය ලෙස සැලකෙන මැන්ඩෙලාගේ අවසන් කටයුතු සඳහා රජවරුන් 4 දෙනෙකු, රැජිනියන් 5 දෙනෙක් සහ ජනාධිපතිවරුන් 70 දෙනෙකු සහ අගමැතිවරුන් ඇතුළු තවත් නායකයන් 14 දෙනෙකු සහභාගිවීමට නියමිතයි.

ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහා ආරක්ෂක භටයන් 15,000 ක් පමණ යෙදෙවෙන අතර ක්‍රීඩාංගනය ස්නයිපර් වෙඩික්කරුවන් යොදා ආරක්ෂා කෙරෙනු ඇති. පැය 4 ක කාලයක් තිස්සේ පැවැත්වෙන අනුස්මරණ මෙහෙයේදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් මෙන්ම බ්‍රසීලය, නැමීබියාව, ඉන්දියාව, කියුබාව සහ දකුණු අප්‍රිකාව යන රටවල නායකයන් කතා පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය නායකයන් පමණක් නොව සුප්‍රකට සංගීත කණ්ඩායමක නායකයෙකු වන බෝනෝ, සුප්‍රකට නිවේදිකාවක වන ඔප්රා වින්ෆ‍්‍රි සහ සුප්‍රකට නිරූපිකාවක වන නයෝමි කැම්බල් වැනි වර්ණභේද විරෝධී නායකයා අගයන සුප්‍රකට චරිත රැසක් ඊට එක්වනු ඇති.

අද අනුස්මරණ මෙහෙය පැවැත්වුණ ද හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය ඔහු උපන් - හැදුණු - වැඩුණු උතුරු කේප් ප්‍රදේශයේ කූනූ ගම්මානයේ මිහිදන් කෙරෙන්නේ ලබන ඉරිදායි.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More