වීඩීයෝ : රියදුරන් නොමැති දුම්රිය රටට ආදර්ශයක්. ඇමති වෙල්ගම.

Tuesday, 10 December 2013 - 12:35

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8.
රියදුරෙකු නොමැතිව  දුම්රිය ගමන් කිරීම රටට ආදර්ශයක් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා. ඔහු කියා සිටියේ දියුණු රටවල මෙන් රියදුරන් නොමැතිව දුම්රිය ධාවනය කිරීම අප රට විසින්ද ආරම්භ කළ යුතු බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෑත ඉතිහාසයේ රියදුරෙකු නොමැතිව වැඩිම දුරක් දුම්රිය එන්ජිමක් ධාවනය වීමේ අහඹු සිදුවීමක් දෙසැම්බර් 5 වැනිදා අලූයම වාර්තාවුණා. මාළිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ මෙම දුම්රිය එන්ජිම එදින අලූයම 1.45 ට පමණ කොටුව දුම්රිය ස්ථානය පසු කරමින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වූයේ රියදුරෙකු නොමැතිවයි. රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර පිහිටි ප්‍රදේශයකදී මෙම දුම්රිය නවතා ගැනීමට දුම්රිය සේවකයින්ට හැකිවුණා. එවැනි සිද්ධියක් ඊට හරියටම වසර 100 කට පෙර 1913 වසරේ දෙසැම්බර් 5 වැනිදා අලූයම් කාලයේ වාර්තාවීමද විශේෂත්වයක්. කෙසේ නමුත් මෙම සිද්ධියේදී අදාළ දුම්රිය රියදුරාට සහ සහයකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ වී තිබෙනවා.




කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More