Update : වීඩීයෝ : අස්වෙන්නේ අගමැති ද ? හෙළ උරුමය ද?

Tuesday, 10 December 2013 - 12:43

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF+%3F+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AF%3F
මත්කුඩු කන්ටේනරයක් නිදහස් කිරීමට ලිපියක් යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සිය ධුරයෙන් හෝ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය අද (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් ඒ පිළිබදව අදහස් දැක්වීමත් සමඟ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ද ඊට මැදිහත් වුණා. අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේ ඒ පිළිබදව හැරිසන් මන්ත්‍රීවරයාගේ විශ්වාසය කුමක් ද යන්නයි. ඔහු ඊට පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය පිළිබදව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මීට පෙර, ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනා සංවිධානය ද ප්‍රකාශ කර සිටියා. මහනුවර ඊයේ (12) පැවැති රැස්වීමකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඒ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ ඇතැම් විට ඉදිරියේ දී අදාළ කන්ටේනරයේ තිබී හමුවූ කුඩු පාන් පිටි බවට ද පත්විය හැකි බවයි.      


Update : Friday, 13 December 2013 - 07:26 PM
----------------------------------------------
අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි. - එජාපය.

මත්කුඩු කන්ටේනර් දෙකක් නිදහස් කිරීමට ලිපියක් යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දීමු ජයරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මේ බව සඳහන් කර සිටියා. තමා යටතේ සිටින නිලධාරියෙකු යම් කිසි නීති විරෝධී ක්‍රියාවක් කළහොත් එහි වගකීම භාර ගැනීම ජ්‍යෙෂ්ඨ තනතුරු දන්නන්ගේ සදාචාරාත්මක ක්‍රියාවක් බව අජිත් පී.පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. ඒ අනුව විවිධ පාර්ශව වෙත එල්ල වී ඇති චෝදනාව මාරු නොකර එහි වගකීම භාර ගෙන අග්‍රාමාත්‍ය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ. මීට පෙර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනා සංවිධානය ද ප්‍රකාශ කර සිටියා.

Update : Friday, 13 December 2013 - 12:58 PM
----------------------------------------------
කුඩු කන්ටේනරයට සම්බන්ධීකරණ ලේකම් සහ නාගරික මන්ත්‍රී සම්බන්ධ නැහැ.

මතභේදයට තුඩු දී ඇති කුඩු කන්ටේනරය මෙරටට ගෙන්වීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ගම්පොළ නාගරික මන්ත්‍රීවරයා සම්බන්ධ බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී නැතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළා. මෙම මත්කුඩු කන්ටේනරය රේගුවෙන් නිදහස් කර ගැනීමට අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යොමුකර ඇති බවට චෝදනා එල්ල වුණා. එම සම්බන්ධීකරණ ලේකම්වරයා වන කීර්ති ශ්‍රී වීරසිංහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයෙකු නොවන බවත්, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු පමණක් වන බවත් එම අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා. බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්නයි. කෙසේ වෙතත්, ඔහු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහුව තනතුරුවලින් ඉවත් කළ බවට බුද්ධශාසන අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනය කළ අතර, කීර්ති ශ්‍රී වීරසිංහ ද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගම්පොළ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි අදාළ පාකිස්තාන ව්‍යාපාරිකයා තමන්ට හඳුන්වා දුන් බවයි.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්නගෙන් අද ප්‍රශ්න කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් මේ පිළිබඳ අදහස් පළ නොකරන බවයි. නමුත් පුවත්පත්වල වාර්තා කර ඇති කරුණු බැලීමේදී තමන්ට සිනහ පළවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම කුඩු කන්ටේනරය මෙරටට ගෙන් වූ පාකිස්තාන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තුන් දෙනෙකු මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු වන පාකිස්තානු ජාතික සර්දාරි ඛාන් පාකිස්තානයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඉදිරියේදී මෙරටට රැගෙන ඒමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ. කෙසේ නමුත්, දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ නාගරික මන්ත්‍රීවරයා කුඩු කන්ටේනරය මෙරටට ගෙන්වීමට සම්බන්ධ බවට ප්‍රකාශ කර නැහැ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Update: Thursday, 12 December 2013 - 7:20 PM
--------------------------------------------------------
කුඩු කන්ටේනරය ගැන ගම්පොල නාගරික මන්ත්‍රීගෙන් හෙළිදරව්වක්.

පාකිස්ථාන ව්‍යාපාරිකයා, අග්‍රාමාත්‍යවරයා, සම්බන්ධීකරණ ලේකම්වරයා සහ තමන්ව රැවටූ බව මත්කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් නම සඳහන් වූ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි ප්‍රකාශ කළා. ඔහු පවසන්නේ කුවේටයේදී මුණගැසුණු අදාළ ව්‍යාපාරිකයාව බුද්ධශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහට හඳුන්වා දුන්නේ තමන් බවයි.

අදාළ මත්කුඩු කන්ටේනරය රේගුවෙන් නිදහස් කරගැනීමට අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යොමුකර ඇති බවට චෝදනා එල්ලවුණා. එම සම්බන්ධීකරන ලේකම්වරයා වන කීර්ති ශ්‍රී වීරසිංහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයෙකු නොවන බවත් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු පමණක් බවත් එම අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනය කළා. බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද අග්‍රාමාත්‍ය දිමු ජයරත්නයි. කෙසේ වෙතත් ඔහු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහුව තනතුරුවලින් ඉවත් කළ බවට බුද්ධශාසන අමාත්‍යාංශය නිවේදනය කළේ ඊයේ දිනයේයි. එම සම්බන්ධීකරණ ලේකම්වරයා වන කීර්ති ශ්‍රී වීරසිංහද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි අදාළ පාකිස්ථාන ව්‍යාපාරිකයාව තමාට හඳුන්වා දුන් බවයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත්විය යුතු බවත් ඔහු අත්අඩංගුවට ගත යුතු බවත් හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එය පොලිස්පතිවරයා වෙතද යොමුකළ බවයි උන්වහන්සේ අද පෙරවරුවේ හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එවැනි ලිපියක් තවමත් පොලිස්පතිවරයාට ලැබී නොමැති බවයි.

Update : Thursday, 12 December 2013 - 12:47 PM
---------------------------------------------
අගමැති අත්අඩංගුවට ගන්නැයි පොලිස්පතිට පැමිණිල්ලක්.

අග්‍රාමාත්‍ය දීමු ජයරත්න අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මත්කුඩු කන්ටේනරයක් බදු රහිතව නිදහස් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යැවූ බව කියන සිද්ධිය මුල් කර ගනිමින්. මෙහිදී පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා කඩිනමින් කටයුතු කරන ලෙසයි.

පසුගියදා රේගු අත්අඩංගුවට පත්වූ මත්කුඩු කන්ටේනරයක් මුදා හරින ලෙසට අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යවා තිබුණේ අග්‍රාමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂයක් යොදා ගෙනයි. මෙම ලිපියේ අදාල මත්කුඩු කන්ටේනරය සියලූ බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස රේගුවෙන් ඉල්ලා තිබූ බවටයි සඳහන් වුණේ.

කෙසේ වෙතත්, මත්කුඩු කන්ටේනරයට සම්බන්ධ බව කියන අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති වීරසිංහ බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයත් සියලූ තනතුරුවලින් ඉවත් කර ඇති බව එම අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා. සිද්ධිය වන විට ඔහු බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නයි.

නිවේදනයට අනුව මත්කුඩු කන්ටේනරයට අදාළ ලිපිය කීර්ති වීරසිංහ නැමැති ලේකම්වරයා නිකුත් කර ඇත්තේ අගමැතිවරයාගේ උපදෙස් මත හෝ විමසීමකින් තොරවයි.

මේ අතර, අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා ද නිවේදනය නිකුත් කර තිබුණා. ඔහු සඳහන් කළේ ගම්පොළ නාගරික මන්ත්‍රීවරයෙකු වන තරංග විටච්චි අදාළ කන්ටේනරය ගෙන්වූ ව්‍යාපාරිකයන්ගේ හිතවතෙකු බවයි. ඔහුගේ ඉල්ලීම අනුව නාන කාමර උපාංග සහිත කන්ටේනරයක ප්‍රමාද ගුදම් ගාස්තු සම්බන්ධයෙන් ලිපියක් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ආයතනය වෙත තමන් යොමු කළ බව ද එම නිවේදනයේ සදහන්.

Update : Thursday, 12 December 2013 - 7:31 AM
---------------------------------------------------------
කුඩු කන්ටේනරයට සම්බන්ධ අගමැති සම්බන්ධීකරණ ලේකම් ඉවතට.  


මත්කුඩු කන්ටේනරයට සම්බන්ධ බව කියන අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් කීර්ති වීරසිංහ බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයත් සියලූ තනතුරුවලින් ඉවත් කර ඇති බව එම අමාත්‍යාංශය අද (11) නිවේදනය කළා. සිද්ධිය වන විට ඔහු බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නයි.

නිවේදනයට අනුව මත්කුඩු කන්ටේනරයට අදාළ ලිපිය කීර්ති වීරසිංහ නැමැති ලේකම්වරයා නිකුත් කර ඇත්තේ අගමැතිවරයාගේ උපදෙස් මත හෝ විමසීමකින් තොරවයි.
 
මේ අතර, අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා ද නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ ගම්පොළ නාගරික මන්ත්‍රීවරයෙකු වන තරංග විටච්චි අදාළ කන්ටේනරය ගෙන්වූ ව්‍යාපාරිකයන්ගේ හිතවතෙකු බවයි. ඔහුගේ ඉල්ලීම අනුව නාන කාමර උපාංග සහිත කන්ටේනරයක ප්‍රමාද ගුදම් ගාස්තු සම්බන්ධයෙන් ලිපියක් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ආයතනය වෙත තමන් යොමු කළ බව ද එම නිවේදනයේ සදහන්.



Update : Wednesday, 11 December 2013 - 07:09
----------------------------------------------------------------------

අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර විසින් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් වෙත යැවූ ලිපියකට උන්වහන්සේ හිරු ප්‍රවෘත්ති අංශය හරහා අද (11) ප්‍රතිචාර දැක්වුවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා මෙම ලිපිය යොමුකර තිබුණේ මත්කුඩු කන්ටේනරයක් බදු රහිතව නිදහස් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  ඕමල්පේ සෝභිත හිමියන් සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින්.

පසුගිය දා රේගු අත්අඩංගුවට පත්වූ මත්කුඩු කන්ටේනරයක් මුදා හරින ලෙසට අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යවා තිබුණේ අග්‍රාමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂයක් යොදා ගෙනයි. ඒ පිළිබඳව අදහස් දක්වමිනුයි පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පෙරේදා පැවැති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරු උත්සවයකට එක්වෙමින් කියා සිටියේ අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු බවයි. මෙම  ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ ද අවධානය යොමු කළා.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය ලේකම්වරයා  ඕමල්පේ සෝභිත හිමියන් වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ උන්වහන්සේ සිදුකළ ප්‍රකාශය තුළ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් කුඩු කන්ටේනරය සියලූ බදු වලින් නිදහස් කිරීමට ලිපි නිකුත් කර ඇති බව දැක්වෙන බවයි. ලේකම්වරයාට ද`ඩුවම් නොකරන්නේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කර ඇති බව ද අදාළ ලිපියේ සඳහන් වනවා.  ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර එමගින් අවධාරණය කර ඇත්තේ තමන් හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු මත්කුඩු කන්ටේනරයක් බදු රහිතව නිදහස් කර ගැනීමට ලිපි නිකුත් කර නොමැති බවයි. රටේ සිටින්නේ එක් අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු පමණක් බව ද ඔහු ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් විමසීමක් කළ අතර උන්වහන්සේ කියා සිටියේ තමා මෙහිදී භාවිතා කළේ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙක් යන වචනය බවයි. එමගින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසියම් සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ පිළිබඳ කණගාටු වන බව ද ප්‍රකාශ කළා.

 
Update : Wednesday, 11 December 2013 - 13:07

--------------------------------------------------
 අගමැතිවරයා අත්අඩංගුවට ගන්න. - බොදුබල සේනාත් ඉල්ලයි.

අග්‍රාමාත්‍යවරයා මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න වහාම අත්අඩංගුවට ගත යුතු බවට ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය ගැන අද (10) පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ඒ පිළිබදව අදහස් පළ කිරීමත් සමගයි. පසුගිය දා රේගු අත්අඩංගුවට පත්වූ මත්කුඩු කන්ටේනරයක් මුදා හරින ලෙසට අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යවා තිබුණා. ඒ පිළිබඳව අදහස් දක්වමිනුයි පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පෙරේදා පැවැති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරු උත්සවයකට එක්වෙමින් මෙම අදහස පළ කළේ.

මෙම  ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ අවධානය යොමු කළා. ඔහු කියා සිටියේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම පිළිබදව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද අවධානය යොමු විය යුතු බවයි. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන අග්‍රාමාත්‍යවරයාට විපක්ෂය හෝ මෙසේ අපහාස නොකරන බව ඔහු සඳහන් කළා.                                                

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය අද (10) දිනයේ දී මේ පිළිබදව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් විමසීමක් කළා. උන්වහන්සේ කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගත යුතු බවට වන තම ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවයි.

මේ අතර, කොළඹ දී අද (10) පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගත යුතු බවයි.





Update : Tuesday, 10 December 2013 - 7:02

-----------------------------------------------------------------------------------
අගමැති අත්අඩංගුවට ගන්නැයි කළ ප්‍රකාශය ගැන එජාපය ප්‍රශ්න කරයි.

Tuesday, 10 December 2013 - 12:43

අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවේම පාර්ශවයක් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග කියා සිටියේ මෙවැනි ප්‍රකාශයක් පසුගිය දිනවල පුවත්පත්වල පළවී තිබූ බවයි. මෙලෙස චෝදනා එල්ල කරනු ලබන්නේ රටක අග්‍රාමාත්‍යවරයාට බවත් විපක්ෂයවත් එලෙස අපහාස කර නොමැති බවත් ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.  අයවැය කාරක සභා විවාදයේ අටවන දිනය අදයි. අද දිනයේදී සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු, කෘෂිකර්ම සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. අයවැය විවාදය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ කියා සිටියේ ලබන වසරේ ජනවාරියේ සිට ශ්‍රී ලංකාවට ජී එස් පී සහනය අහිමිවීමේ අවදානමක් මතුවී ඇති බවයි.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More