අලව්ව අය වැය දෙවන වරටත් පරාදයි.

Tuesday, 10 December 2013 - 14:47

%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
අලව්ව ප්‍රාදේශීය සභාවේ 2014 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය අද (10) දෙවන වරටත් පරාජයට පත්වුණා. ඒ, වැඩි ඡන්ද 3කින්. අය වැයට පක්ෂව ඡන්ද 4ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 7ක්. ඊට අදාළව පැවැති රහස් ඡන්ද විමසීමේදී එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන අලව්ව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සිටිනවා. සභාපතිවරයා හැර අනෙකුත් සන්ධාන මන්ත්‍රීවරුන් අය වැයට විපක්ෂව ඡන්දය ලබා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු සභාපතිවරයා සමග එක්ව ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. එක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අද (10) සභාවට පැමිණ නැහැ. මීට පෙර නොවැම්බර් 28 දා පැවැති අලව්ව ප්‍රාදේශීය සභාවේ පළමු අය වැය ඡන්ද විමසීම ද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වුණා. මේ අතර ගාල්ල - බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ අය වැය පළමු වර ඡන්ද විමසීම ද අද (10) පරාජයට පත්වුණේ එක් වැඩි ඡුන්දයකින්.


සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන උසස් පෙළ විභාග කාලසටහන සම්පූර්ණ අසත්‍යයක්
Tuesday, 26 May 2020 - 8:47

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල... Read More

පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More