වීඩීයෝ : Update : මැණික්හින්නේ ඉන්ධන ගැන පරීක්ෂණ.

Tuesday, 10 December 2013 - 15:25

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
මහනුවර - මැණික්හින්න නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ජලය මිශ්‍ර වී ඇති ඉන්ධන නිකුත් කර තිබීම නිසා අද (10) පෙරවරුවේ එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එම ඉන්ධන ලබාගත් ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ මෝටර් රථ හිමියන් එම ස්ථානයට රැස්වී ප්‍රකාශ කළේ මෙම ඉන්ධන භාවිතා කිරීම නිසා තම රථ කාර්මික දෝෂවලට ලක්ව ඇති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව අදාළ ඉන්ධන පිරවුම්හලේ පාලන අධිකාරියෙන් විමසීමක් කළා. එහි නිලධාරියෙකු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බවුසරයකින් ලබා ගත් ඉන්ධන නිකුත් කිරීමත් සමඟ මෙම තත්ත්වය හට ගත් බවයි.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වාගෙන්. ඔහු සඳහන් කළේ සිද්ධිය පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.



---------------------------------------------------
මැණික්හින්නේ ඉන්ධනහලකින් ජලය මිශ්‍ර පෙට්‍රල්.

මැණික්හින්න නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් අද (10) නිකුත් කළ පෙට්‍රල්වල ජලය මිශ්‍ර වී තිබෙන බව පාරිභෝගිකයන් ප්‍රකාශ කිරීමත් සමඟ එම පිරවුම්හලේ තරමක උණුසුම් තත්ත්වයක් මතු වුණා. වාහන 18කින් පමණ ඊට අදාළව පැමිණිලි ලැබී ඇති බව පිරවුම්හලේ කළමනාකාරීත්වය ප්‍රකාශ කළා. මෙය පාලනය වන්නේ කුණ්ඩසාලේ විවිධ සේවා සමූපකාර සමිතිය මගින්.


ලබන සඳුදා(08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින්
Tuesday, 02 June 2020 - 13:38

ඉදිරි දින කීපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

මහා මැතිවරණය ගැන අදහස් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 13:35

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 02 June 2020 - 13:25

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර... Read More