Update : වීඩීයෝ : ජනපතිගෙන් මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව.

Tuesday, 10 December 2013 - 19:33

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80.
දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) අවසන් ගෞරවය දක්වා තිබෙනවා. ප්‍රිටෝරියා නුවර යූනියන් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇති දේහයට ජනාධිපතිවරයා මෙලෙස අවසන් ගෞරවය දැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ. 1994 දී දකුණු අප්‍රිකාවේ පළමු කලූ ජාතික ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ නෙල්සන් මැන්ඩෙලා සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ ද යූනියන් ගොඩනැගිල්ලේදීයි. ඊයේ ජොහැන්නස්බර්ග් හි එෆ්.එන්.බී. ක්‍රීඩාංගනයේ පැවැති නෙල්සන් මැන්ඩෙලා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැති නිළ අනුස්මරණ දේව මෙහෙයට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා.
 
සිය දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා සිව් දින නිළ සංචාරයක් සඳහා අද කෙන්යාව බලා නික්මෙනවා. එහිදී ජනාධිපතිවරයා කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති. කෙන්යානු සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහ ජනාවාස වැඩසටහනේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට මෙන්ම ව්‍යාපාරික සංසදයකට ද සහභාගිවීමට නියමිතයි.



Update : Wednesday, 11 December 2013 - 7:05
------------------------------------------------------
නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) අවසන් ගෞරවය දක්වා තිබෙනවා. ප්‍රිටෝරියා නුවර යූනියන් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇති දේහයට ජනාධිපතිවරයා මෙලෙස අවසන් ගෞරවය දැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ. 1994 දී දකුණු අප්‍රිකාවේ පළමු කලූ ජාතික ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ නෙල්සන් මැන්ඩෙලා සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ ද යූනියන් ගොඩනැගිල්ලේදීයි.

Wednesday, 11 December 2013 - 17:34
----------------------------------------------------------------
ජනපති අද මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දක්වයි.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීම සඳහා එහි ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රිටෝරියා නුවර බලා පිටත්ව යනවා. එහි යූනියන් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇති දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වන බවයි ජනාධිපති ප්‍රකාශක සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සදහන් කළේ. ඊයේ ජොහැන්නස්බර්ග් හි එෆ්.එන්.බී. ක්‍රීඩාංගනයේ පැවැති නෙල්සන් මැන්ඩෙලා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් වූ නිළ අනුස්මරණ දේව මෙහෙයට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්වුණා.

 Wednesday, 11 December 2013 - 8:37 AM
----------------------------------------
ශ්‍රී ලංකා ජනපති, මැන්ඩෙලා අනුස්මරණ මෙහෙයට එක්වේ.

සමස්ත ලෝකයේම ජනාදරයට පත්වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් පැවැත්වෙන අනුස්මරණ මෙහෙය ජොහැනස්බර්ග් නුවර දී තවමත් පැවැත්වෙනවා. ඊට සඳහා රාජ්‍ය නායකයන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාව එක්ව සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ශ්‍රී  ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද (10) ඊට එක්වුණා. අනුස්මරණ මෙහෙය සඳහා ලොව විවිධ රටවලින් ජනාධිපතිවරු සහ අගමැතිවරු 75 දෙනෙකු එක්ව සිටින අතර, රජවරුන් 4 දෙනෙකු සහ රැජිණියන් 5 දෙනෙකු ද ඊට ඇතුළත්. තවත් නායකයින් 14 දෙනෙකු සහ සුප්‍රකට නළු නිළියන්, ගායකයින්, ක්‍රීඩකයන් ඇතුළු වර්ණභේද විරෝධී නායකයා අගයන සුප්‍රකට චරිත රැසක් ඊට එක්වනවා.

අනුස්මරණ මෙහෙය අමතමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේ නෙල්සන් මැන්ඩෙලා යනු මිනිසුන් අතර ජීවත් වුණු ප්‍රායෝගික මිනිසෙකු බවයි. ඔහු පිළිමයක් වැනි අජීවී වස්තුවක් නොවන බව ඇමරිකානු ජනාධිපතිවරයා සදහන් කළා. නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ නායකයෙකු සමස්ත ලෝකයේම නායකයෙකු බවට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනතාවට තමන් ස්තූතිවන්ත වන බවයි ඔහු කියා සිටියේ.

අද අනුස්මරණ මෙහෙය පැවැත්වුණ ද හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය ඔහු උපන් - හැදුණු - වැඩුණු උතුරු කේප් ප්‍රදේශයේ කූනූ ගම්මානයේ මිහිදන් කෙරෙන්නේ ලබන ඉරිදායි.