ඔබාමා, කැස්ත්‍රෝ හමුව සැලසුමක් නොවේ.

Wednesday, 11 December 2013 - 8:55

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%2C+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අනුස්මරණ මෙහෙයේදී කියුබානු ජනාධිපති රාහුල් කස්ත්‍රෝ වෙත ජනාධිපති බැරැක් ඔබාමා අතට අතදීම සැලසුම් සහගත ක්‍රියාවක් නොවන බව ධවල මන්දිරය පවසනවා. එලෙස ආචාර සමාචාර කිරීම සිදුවුණේ රාහුල් කස්ත්‍රෝ ජනාධිපති බැරැක් ඔබාමාට අහඹු ලෙස මුහුණට මුහුණ හමුවීම නිසා බවයි ධවල මන්දිරය පෙන්වා දෙන්නේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් කියුබානු රජය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බැරැක් ඔබාමා සිය ජනාධිපතිවරයාට අතට අත දීමෙන් ඇමෙරිකාවේ ආක්‍රමණශීලි ප්‍රතිපත්තිවල අවසානයක් සිදුවීමේ ඉඟියක් පෙන්නුම් කරන බව එහි සඳහන්. 1961 දී ඇමෙරිකානු රජය කියුබාව සමඟ සියලූම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමූ අතර ඒ කියුබානු හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ, සීතල යුද්ධයේදී සෝවියට් සමූහාණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීම හේතුවෙන්.


ජයලලිතාගේ ධනය මාධ්‍යවේදිනියකට
Saturday, 30 May 2020 - 14:14

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක්... Read More

මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි
Saturday, 30 May 2020 - 13:18

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More

කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More