විජේදාසගේ පෞද්ගලික පනත් කෙටුම්පතට ආණ්ඩුවේ විරෝධය.

Wednesday, 11 December 2013 - 13:04

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ගෙන එනු ලැබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පනත් කෙටුම්පතකට අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. ධුරයෙන් ඉවත් කිරීම පිණිස යෝජනා සම්මතයන් ඉදිරිපත් වූ උපරිමාධිකරණ විනිසුරුවරුන් සඳහා සාධාරණ, ස්වාධීන සහ අපක්ෂපාතී නඩු විභාගයක් සහතික කිරීම මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා පනත් කෙටුම්පතේ ඇතුළත්. මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්න කර සිටියේ කුමන ස්ථාවර නියෝගයකට අනුව මෙවැනි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ ද යන්නයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරන්නේ කුමන ස්ථාවර නියෝගයක් යටතේ ද යන්න පිළිබඳව ඉන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කර සිටියා. මෙම පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් පවත්වන ලෙසයි විපක්ෂ නායකවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, කතානායකවරයා ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත පිළිබඳව විමර්ශනය සඳහා කමිටුවක් පත් කර ඇති අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසුව මෙය විවාදයට ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය දැනුම් දෙන බවයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More