අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 110 දෙනා ත්‍රිකුණාමලයට.

Wednesday, 11 December 2013 - 14:27

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+110+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 110 දෙනෙකු නාවික හමුදාව අද (11) උදෑසන අත්අඩංගුවට ගත්තා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළේ මුලතිව් - චෙන්මලේ මුහුදු සීමාවේ මෙම ධීවරයින් සමඟ ඔවුන් ගමන් ගත් යාත්‍රා 15ක් ද නාවික හමුදා භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙනවිත් තිබෙනවා. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් පොලීසිය වෙත භාර දෙන බවයි නාවුක හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ.

Update : Wednesday, 11 December 2013 - 7:11
-----------------------------------------------------------------
ඉන්දීය ධීවර යාත්‍රා සමූහයක් අත්අඩංගුවට.

Wednesday, 11 December 2013 - 14:27

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා සමූහයක් නාවික හමුදාව මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළේ මුලතිව් - චෙන්මලේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා නාවික හමුදා භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස මේ වනවිට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන එමින් පවතින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.  කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ  ධීවර යාත්‍රා 35 ක් සමග ඉන්දීය ධීවරයින් 250 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More