Update : වීඩීයෝ : හෝමාගම ප්‍රා.සභාපතිට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට.

Wednesday, 11 December 2013 - 19:26

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
හෝමාගම ප්‍රදේශීය සභාවේ ඊයේ (11) පැවැත්වුණු අයවැය විවාදය අතරතුරදී එහි සභාපති ඒ.ඞී. කුමාරසිරිට පහරදුන් බවට සැකකරන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ වනවිට අනාවරණ වී ඇති තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රාදේශීය සභාවේ මහජන ගැලරියේ සිටි පුද්ගලයෙක්.

 

ඊයේ දිනයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය විවාදය පැවති අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. එම අවස්ථාවේදී සභාපති ඒ.ඞී.කුමාරසිරි සභාවෙන් ඉවත්ව යාමට උත්සාහ කළ අතර එහිදීයි මහජන ගැලරියේ සිටි පුද්ගලයෙකු සභාපතිවරයාට පහර දී තිබුණේ. අනතුරුව සභාපතිවරයා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. පසුව හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අයවැය ඡන්ද විමසීම පැවති අතර, එහිදී වැඩි ඡන්ද 11 කින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වුණා.

Update : Thursday, 12 December 2013 - 7:49 AM
----------------------------------------------------
හෝමාගම අය වැය පරදී. - ගුටි කෑ සභාපති රෝහලේ.

හෝමාගම ප්‍රදේශීය සභාවේ අය වැය වැඩි ඡුන්ද 11කින් අද (11) පරාජයට පත්වූ බව එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරළගේ ප්‍රකාශ කළා. ඔහුගේ ප්‍රධානත්වයෙන් අය වැය ඡුන්ද පැවැත්වුණේ අය වැය විවාදය අතරතුර දී සභාපතිවරයාට කළ පහරදීමක් නිසා ඔහු රෝහල්ගත කිරිම හේතුවෙන්.

අද (11) අය වැය විවාදය පැවැත්වෙද්දී උණුසුම් වාතාවරණයක් ඇති වුණා. එහිදී සභාපති ඒ.ඞී. කුමාරසිරි සභාවෙන් ඉවත්ව යාමට උත්සාහ කළ අතර එහිදී මහජන ගැලරියේ සිටි පුද්ගලයෙකු ඔහුට පහර දී තිබෙනවා. පහර දුන් එම පුද්ගලයා පසුව පොලිස් අත්අඩංගුවට පත්වුණා. තුවාල ලැබූ සභාපතිවරයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැන් ජාතික රෝහලට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.




තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More