වීඩියෝ: ආණ්ඩුවේ සහයෙන් සීතාවකපුර දී එජාපය දිනයි.

Thursday, 12 December 2013 - 19:12

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.
පළාත් පාලන ආයතන කිහිපයක ලබන වසර සඳහා වූ අයවැය ඡන්ද විමසීම අද (12) සිදුකෙරුණා. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි සීතාවකපුර නගර සභාවේ අයවැය අද දෙවන වරටත් ඉදිරිපත් කළ අවස්ථාවේදී එය ඒකඡුන්දයෙන් සම්මත වුණා. මීට පෙර අවස්ථාවේදී මෙම නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාජයට පත්වු අතර, මෙවර නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනා සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. පළමු වරට අයවැය පරාජයට පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට බලය පවතින සීතාවකපුර නගර සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවී අයවැය දිනවීමට සහය ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කරනු ලැබුවා.

එමෙන්ම, සන්ධානයට බලය පවතින මාතලේ - උකුවෙල ප්‍රාදේශීය සභාවේ අයවැය ඒකඡන්දයෙන් සම්මත වූ අතර, පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 11 කින් ජයග්‍රහණය කර තිබෙනවා. පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඡන්දය ප්‍රකාශ නොකළ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඡන්ද විමසීම සඳහා සහභාගී වූයේ නැහැ.

මීට අමතරව මහනුවර - වත්තේගම නගර සභාවේ සහ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අයවැය අද පරාජයට පත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වත්තේගම නගර සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද (12) එක් ඡන්දයකින් පරාජයට පත්වුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු විපක්ෂය හා සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්.

මේ අතර, හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 05 කින් පරාජයට පත්වුණා. අයවැයට පක්ෂව ඡන්ද 08 ක් සහ විපක්ෂව ඡන්ද 13 ක් ලැබී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මෙම ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 08 දෙනා සමග සන්ධාන මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාද එක්ව සිටි බව සඳහන්.





රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More