Update ; ඔරුගොඩවත්තේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට.

Thursday, 12 December 2013 - 20:43

Update+%3B+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල - දෙමටපිටිය මංසන්ධියේදී බස් රථයක්, ලොරියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (12) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කාන්තාවන් 3 දෙනෙකු සහ කුඩා ළමයෙකු ද ඊට ඇතුළත්. පොලිසිය සඳහන් කළේ ඔවුන් මාරවිල රෝහලට ඇතුළත් කළ බවයි. ඔවුන් කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙන් පිරිසක්. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මාරවිල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි.

මේ අතර, ඊයේ රාත්‍රී 11 ට පමණ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේ කන්ටේනර් නැවතුම්පොලක රියදුරු සහයකවරයෙකු සිය කන්ටේනර් රථයටම යටවී මෙලෙස මියගොස් තිබෙනවා. 23 හැවිරිදි මොහු බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Update ; Friday, 13 December 2013 - 8:43
----------------------------------------------------
මාරවිල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට.

Thursday, 12 December 2013 - 20:43

හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල - දෙමටපිටිය මංසන්ධියේදී බස් රථයක්, ලොරියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (12) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔවුන් මාරවිල රෝහලට ඇතුළත් කළ බවයි. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මාරවිල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More