ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා තිබෙනවා. - UN නියෝජිතයා කියයි.

Friday, 13 December 2013 - 8:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+UN+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
යුද්ධය නිමාවීමෙන් පසු අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචිකරලීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත චලෝකා බෙයානි පවසනවා. අවතැන්වූවන්ගේ මානව අයිතීන් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා වන ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය නිමාවට පත් කරමින් මේ බව සඳහන් කළා. ඔහු උතුරුකරයේ නිරීක්ෂණ චාරිකාව ද නිරත වුණා. යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල යටිතල පහසුකම් යළි සකස් කිරීම ශ්‍රී ලංකාව අතිශය සාර්ථක අන්දමින් සිදුකරමින් සිටිනවා. එමෙන්ම, නැවත පදිංචිකරන පුද්ගලයන් සඳහා තිරසාර විසඳුම් ලබාදීම ද අවශ්‍යතාවක්. නැවත පදිංචි කරන පුද්ගලයන්ට නිදහසේ ඔබමොබ සැරිසැරීමේ හැකියාව පැවතිය යුතු බවයි ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා පෙන්වා දෙන්නේ. විශේෂයෙන් නැවත පදිංචි කරන පුද්ගලයන් සඳහා ජිවිකා වෘත්තීන් සවිමත් කිරීමට රජය පියවර ගත යුතු බව ජගත් සංවිධාන විශේෂ නියෝජිත චලෝකා බෙයානි පෙන්වා දෙනවා. යුද්ධයෙන් අවතැන්වූ හාරලක්ෂ 50,000 ක පමණ පිරිසක් මානුෂවාදී පාර්ශවකරුවන්ගේ සහය ඇතිව නැවත පදිංචිකරලීමට ලක් රජය සමත්වී ඇති බව සිය සංචාරය අවසානයේ ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෙසේ නමුත්, නැවත පදිංචි කළ පුද්ගලයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ මුළුමනින්ම තෘප්තිමත් විය නොහැකි බව ඔහු කියා සිටිනවා.


යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Monday, 25 May 2020 - 10:13

කිසියම් පිරිසක් විසින් යාපනය,උඩුවිල් අම්බලවානවර් වීදිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 55 ලක්ෂය ඉක්මවයි
Monday, 25 May 2020 - 10:09

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 55 ලක්ෂය ඉක්මවා ගියා.... Read More

ගින්නකින් රාගම වෙළඳසැල් පහක් විනාශයි
Monday, 25 May 2020 - 10:07

රාගම රෝහල ආසන්නයේ පිහිටි තාවකාලික කඩපේළියක හටගත් හදිසි ගින්නකින්... Read More