Update : අතුරුදන්වූවන්ගේ පැමිණිලිවලින් 4307 ක් හමුදා සෙබලූන්.

Friday, 13 December 2013 - 8:50

Update+%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4307+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A.
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි දස දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එහි ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස සඳහන් කළා. ඔහු කියා සිටියේ ආරක්ෂක අංශවල අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි 4307 ක් මේ වනවිට ලැබී ඇති බවයි. 1991 න් පසු අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන මෙම කොමිසමේ කටයුතු ආරම්භ කෙරුණේ අගෝස්තු මස 15 වැනිදායි. කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එම පැමිණිලි කොමිසමට පැමිණ හෝ දුරකථනයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ ලබාදිය හැකි බවයි.

කොමිසම අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි භාර ගැනීමෙන් පසුව, ඒවා විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි. ඉන් අනතුරුව, එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමේ නිලධාරින් පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින් සිටින ප්‍රදේශවලට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදුකරනු ඇති.

Update : Friday, 13 December 2013 - 12:56 PM
--------------------------
අතුරුදන් වීම් ගැන පැමිණිලි භාර ගැනීම දෙසැම්බර් 31 දක්වා.

උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවු පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ මත අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි භාර ගැනීමට කොමිසමක් පත්කරනු ලැබුවා. නොවැම්බර් මස 31 වැනිදාට ප්‍රථම පැමිණිලි ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුණද, එම කාලසීමාව මේ අනුව මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ 1990 ජුනි මස 10 වැනි දින සිට 2009 මැයි මස 19 වැනි දින දක්වා දිවයිනේ  ඕනෑම පළාතක පදිංචිව සිට උතුරු හා නැගෙනහිර පළාත් තුළදී අතුරුදන් වූයේ නම් ඒ පිළිබඳ දැනුම්දෙන ලෙසයි. එලෙස අතුරුදන්වූවන් පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසමට බලය පවරා තිබෙනවා.

මේ වනවිටත් මෙම කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර, ඒවා අධ්‍යයනය කිරීම කොමිෂන් සභාව මේ වනවිට සිදුකරනවා. එය අවසන් වූ වහාම උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතා හමු පවත්වමින් වාචික විමර්ෂණ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතයි. 0112 - 19 99 44 යන දුරකතන අංකය ඔස්සේ උතුරු නැගෙනහිර අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More